අපරාධ යනු මොනවද?

2016-02-24 09:31:00       716


මධ්‍යකාලින සමාජ වල සිදුවන අපරාද අතර ලිංගික අපරාද ප්‍රදාන බව පෙනේ මේ හේතු කොට ගනිමින් විවිධ නීති ගොඩනැගුණි. එහි විශේෂ තැනක් ගනු ලබන්නේ කතෝලික ආගමේ බලපෑමෙන් ගොඩනැගුණු පැවිද්දන් පිළිබද වූ නීතියයි

සමන් සඳරුවන්

                    අපරාධ  සම්බන්දව කෙරෙන ශාස්ත්‍රය විමසුමකදී එය සමාජමය සහ නීතිමය සංසිද්ධ්යක් ලෙස හදුනා ගත හැකිය. එසේම අපරාධ නමැති සංසිද්ධ්ය වඩාත් ගැබුරු  මෙන්ම පුළුල් පදනමකින් ගොඩ නැගුණකි. එයට හේතු වන්නේ  අපරාද සඳහා එතිහාසික ක්‍රියාවලියක්ද සෑම මානව සමාජයකම,එනම් ගෝත්‍රික,සම්ප්‍රදායික සහ නුතන සමාජ තුලද යම් අපරාදයකදී එම අපරාදය එය සිදු කරන්නා,ඊට ගොදුරු වන්නා සේම නිතිය හා සිරිත සහ දඩුවම යන සංකීර්ණ ක්‍රියාවලින් රාශියක් හදුනා ගත හැකි විමයි. අපරාදයක් යනු කුමක්දැයි තේරුම් ගැනීමේ දී මේ සෑම සාදකයක් පිළිබදවම අවදානය යොමුකිරීමට සිදුවේ.

                    ඉංග්‍රීසි භාෂාවෙහි අපරාධ යන්න හදුන්වා ඇත්තේ Crime යන වචනයෙනි.එයඅපරාධයක් තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් නොවන නමුත් ඒ ඔස්සේ බොහෝ අපරාධවිද්‍යඥයින්,නීති වේදීන් සහ අනෙකුත් චින්තකයින් අපරාධ විග්‍රහ කර ඇති බව පෙන්වා දිය හැකිය.

                    අපරාධ නැමති ක්‍රියාවලියෙහි එහිතිහාසික පදනම විමසා බලන විට ප්‍රාථමික සමාජ දක්වා අවධානය යොමුකිරීමට සිදුවේ."ප්‍රාථමික සමාජ අපරාදයක් යනුවෙන් සළකනු ලැබුයේ පෞද්ගලික වැරද්දක් සහ පළිගැනීමේ ක්‍රියාවක් ලෙසයි. මිනීමැරීමකට හෝ සොරකමකට ලක් වූ යම් පවූල් ඒකකයක් වෙයි නම් අනිවාර්යෙන්ම එම ක්‍රියාව සිදු කරනු ලැබූ මිනීමරුවා හෝ ඔහුගේ පවූල් ඒකකයෙන් ඒ සඳහා වන්දියක් ලබා දිය යුතු වේ. එය බොහෝ විට ලේ වෙරයක් (Blood feuds) බවට පත් වූ අතර අපරාදයක් සඳහා ප්‍රජාවතුලින්ම යම් දඩුවමක් ලබා දුන්නේ කලාතුරකිනි. එසේම එවෙනි ක්‍රියාවක් සමාජයේ ක්‍රියාත්මක වන ගණාචාර (Mores) කඩකිරීමක් ලෙස සලකා ඔහුව අපරාද කරුවකු ලෙස සැලකීමට පුරුදු විය. යම් අපරාදයක් සඳහා සාමුහික ක්‍රියාවක් ගනු ලැබුයේ ආගමික තහින්ච් සම්බන්දයෙනි"(Encyclopedia of Americana).

                   ප්‍රාථමික සමාජ වල අපරාද සම්බන්දව දැකියහැකි විශේෂ ලක්ෂණයක් වන්නේ එහි නුතන සමාජයේ මෙන් නීතිමය පද්ධතියක් දැකිය නොහැකි වීමයි.නීතියේ කාර්ය භාරය ඉටුකරනුයේ සිරිත්,ධර්මතා හෙවත් ගණාචාර සහ ආගමික තහංචි (Religious Toboos) මගින්ය. මෙවැනි ස්වභාවයක් වර්ථමාන සමාජවල ද දැකිය හැකි වේ. එහෙත් මානව සමාජය ක්‍රමයෙන් විකාශනයට පත් වීමේදී විවිධ යුගවල අපරාදකාරී ක්‍රියාවන් සම්බන්දයෙන් විවිධ නීති ගොඩනගා ගත් බව පෙන්වා දිය හැකිය. ක්‍රි.පු 1900 දී පමණ බැබිලෝනියාවේ "හමුරාබි "නීති සංග්‍රහය (Code of Hammurabi) නමින් නීති පද්ධතියක් ගොඩනැගුණි එය පළිගැනීමේ මුලධර්මය පදනම් කර ගත්තකි. එනම් ඇසට ඇසක්,දතට දතක් යන අදහස එහි දැකිය හැකි විශේෂ ලක්ෂණයකි. හිබෘ සමාජයේ (Hebrew Society) මොසැයික් නීතිය (Mosaic law) නියායාත්මක ස්වභාවයකින් වර්දනය විය.සෑම අපරාදයක්ම සදාචාර විරෝදී සහ දෙවියන්ගේ කැමැත්ත කඩකිරීමක් වන හෙයින් ඒ සදහා දඩුවම් ලබා දෙන ලදී.එම දඩුවම් වශයෙන් මරණිය දණ්ඩනය බහුලව බාවිතා කර ඇත.   ක්‍රි.පු  හයවන සියවසේ දී පමණ පැරණි ග්‍රීක නීතිය ප්‍රාථමික වශයෙන් ගොඩ නැගුණි

                      මධ්‍යකාලින සමාජ වල සිදුවන අපරාද අතර ලිංගික අපරාද ප්‍රදාන බව පෙනේ මේ හේතු කොට ගනිමින් විවිධ නීති ගොඩනැගුණි. එහි විශේෂ තැනක් ගනු ලබන්නේ කතෝලික ආගමේ බලපෑමෙන් ගොඩනැගුණු පැවිද්දන් පිළිබද වූ නීතියයි (Ecolesialtical Law). වර්ථමාන දීයුණු සමාජ දෙස බලන විට අපරාද ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් ලෙස හදුනා ගත හැකි අතර අපරාදවල ස්භාවය වෙනස් වීමත් සමගම ඒ සදහා වැදගත් වන නීතිය සහ දඩුවමද වෙනස්වීම වලට භාජනය වී  ඇති බව ඉහත කරුණු වලින් පැහැදිලි වේ.
                     
"නීතියෙන් තහනම් කල හා දඩුවමට යටත් කළ ඕනෑම ක්‍රියාවක් අපරාදයකි" යනුවෙන් සමාජ විද්‍යා විශ්ව කෝෂයේ අපරාද යන්න නිර්වචනය කර තිබේ. මෙම නෙයිතික නිර්වචනයට අනුව යම් සමාජයක අපරාද පිළිබද නීතියේ සිමාවන් දැනගත හැකිය. එසේම ඕනෑම සිවිල් නීතියක් කඩකිරීම මේ යටතේ අපරාදයක් වුවද සැබෑ ලෝකයේ දී මෙවැන්නක් දැකීම දුෂ්කරය. නමුත් අපරාද විද්‍යාත්මකව හා දණ්ඩන විද්‍යාත්මකව අපරාදයක් විස්තර කරනුයේ කරනු ලැබූ අපරාදයක ප්‍රතිකර්මයක් වශයෙන් රජය මගින් දඩුවම් පමුණුවනු ලබන නීතිමය වරදකි. ඒ අනුව සමාජ විද්‍යා විශ්ව කෝෂයේ අපරාද පිළිබද නිර්වචනය වැදගත් වන අතර, එය සෑම සමාජයකටම පොදු වුවක් නොවේ. මන්ද සමහර ප්‍රථමික සමාජවල නිශ්චිත බල අධිකාරයක් හෝ නෙයිතික අංශයක් දැකිය නොහැකි බැවිනි.

                       නීතිමය ධුෂ්ටි කෝණයකින් අපරාද නීතිය විග්‍රහ කරන සදර්ලන්ඩ් (Sutherland E.H.) නම් සමාජ විධියාඥයා පවසන්නේ " අපරාද නීතිය සම්ප්‍රදායිකව නි ර්වචනය කර තිබෙන්නේ දේශපාලන බලවතුන් විසින් පනවා ගත්තා වූ මනුෂ්‍ය හැසිරීම් සම්බන්ධ නීති මාලාවක් වශයෙනි" මෙම නිර්වචනය අනුව යම් සමාජයක සිටින බල අධිකාරය විසින් තම සමාජයේ හෝ සමුහයේ සුබසිද්ධිය උදෙසා තහනම් කරනු ලැබූ යම් යම් මනුෂ්‍ය හැසිරීම් සම්බන්ධ නීති මාලාවක් දැකිය හැකිය. එසේ නම් තහනම් කරනු ලැබූ ක්‍රියාවන් අපරාද යන්නෙන් හැදින්වීම යුක්ති යුක්තය. මෙම නීති මාලාවන්ට අවනත නොවී හැසිරෙන යම් පුද්ගලයකු වේද ඔහු අපරාද කරුවෙකු වන අතර ඔහු ගේ එම ක්‍රියාව අපරාදයකි.

                     ඕනෑම සමාජයක නීති ක්‍රමය මගින් අපරාද යන්න නිර්වචනය කර නොමැති අතර අපරාද පිළිබද වර්ගීකරණයක් හා එම අපරාද වලට අයත්වන දඩුවම් මොනවාදැයි සදහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුවද  මෙම තත්වය දැක ගත  හැකිය. දණ්ඩ නීතියට අනුව අපරාදයක් යනුවෙන් හදුන්වා ඇත්තේ සමාජ සුබ සිද්ද්යට බාධා පමුණුවන වැරදිවලටය.මිනීමැරීම, රජදෝහි වීම,වැනි ඉතා බරපතල වැරදි මෙන්ම ගම්කාරය සභාවක පවතින නීතියක් උල්ලංගනය කිරීම පවා මෙහිදී අපරාදයකි. බල්ලෙකුට කරපටියක් නොමැතිව පිටතට යාමට ඉඩදීම පවා මේ අපරාදයට වැටිය හැකිය.                     තවදුරටත් මෙම "අපරාද " නමැති සංසිද්දිය පැහැදිලි කර ගැනීමේහිලා දේශපාලනමය වශයෙන් අපරාද අර්ථ දක්වා ඇත්තේ කෙසේදැයි බැලීම වැදගත් වේ. එයට අනුව කාල් මාක්ස් ප්‍රකාශකරනුයේ " නව සමාජයකින් ගැබ්ගත් සෑම සමාජයකම වින්නබු ස්ත්‍රිය වශයෙන් කටයතු කරනුයේ ප්‍රචන්ඩතාවයි "(violance is the midwife of every society fragnaht the, new one) සන්නහ සන්න සන්නද්ධ අරගලය මානව ප්‍රචණ්ඩතාවේ එක් ප්‍රභේදයකි. එසේ නම් අනෙකුත් ප්‍රභේදයන්ට පුද්ගලයා සමාජය තුල සිදු කරනු ලබන අපරාද ඇතුලත් විය යුතුය. එහෙත් නව සමාජයක් බිහි කරන ආයුධයක් ලෙස ප්‍රචණ්ඩතාව හදුන්වා දී ඇති අතර නව සමාජයක් ගැබ් ගෙන තිබෙන සමාජයක දී එම නව සමාජය බිහිකරලීමේ කර්තවයට හවූල් වන වින්නබු මාතාව මානව ප්‍රචණ්ඩතාවය ලෙස මෙහිදී අප අදහස් කල යුතුය.

                 නව මාක්ස් වදී අපරාද විදයඥයකු වන විලියම් චැම්බ්ලිස් (William Chambliss) පෙන්වා දෙන ආකාරයට ධනේෂ්වර සමාජ ක්‍රමය තුල අපරාද බහුලව සිදුවේ. එයට හේතුව වන්නේ ධනෙශ්වර පන්තියට අවශ්‍ය වන්නේ තම ලාභ උපරිම කර ගැනීමටය. එම ක්‍රියාවලියේදී  කම්කරුවන්ට ඉතාමත් අඩු වැටුපක් ලබා දෙන අතර ඒ තුලින් නිෂ්පාදන පිරිවැය අඩු කර ගනු ඇත.එසේම ධනෙශ්වර සමාජයේ රැකියා විරහිත විශාල පිරිසද මෙම ක්‍රියාවලියෙන් පිඩනයට පත් වේ. එහි අනිවාර්ය ප්‍රතිපලය වන්නේ තම අවශ්‍ය තාවයන් සපුරා ගැනීම සදහා අපරාද සිදු කිරීමයි.(Sullivan and Thompson) මෙම විග්‍රහය තුලින් පැහැදිලි වන ප්‍රදනතම  ලක්ෂණය වන්නේ සෑම යුගයකම විශේෂයෙන් ධනෙශ්වර සමාජ යුගයේ දී අපරාද සමාජ ක්‍රියාවලියක් ලෙස(Social Process)  හදුනා ගත හැකි බවයි.  

                සමාජ ක්‍රියවලියක් ලෙස අපරාද විග්‍රහ කරන ප්‍රධානම සමාජ විදයඥයකු ලෙස ඊ.එච්. සදර්ලන්ඩ් සැලකිය හැකිය. ඔහුට අනුව "අපරාද සහ බාලාපරද යනු අනෙකුත් පුද්ගලයින් සමග ඇති කර ගනු ලබන අන්තර්    ක්‍රියාවන් තුලින් ගොඩනගා ගනු ලබන ඉගෙනුම් ක්‍රියාවලියකි. ඒ සදහ ප්‍රධාන වශයෙන් වැදගත් වී ඇත්තේ ප්‍රථමික සමුහ වන පවූල්ඒකකය සහ සම වයස් කණ්ඩායම්ය. මෙම ඉගෙනුම් ක්‍රියාවලියට සමජනුයෝජනය සම්බන්ද වේ. එම ක්‍රියාවලියට පවූල සහ සමවයස් කණ්ඩායම් තුලින් ලබන ප්‍රථමික සමජනුයෝජනය ප්‍රධාන වේ.

                අපරාද විදයාව තුල ගොඩ නැගී ඇති අන්තර් ක්‍රියාවාදී නියායත්මක පර්යා ලෝකය ඔස්සේ අපරාද සමාජ ක්‍රියාවලියක් ලෙස විග්‍රහ කිරිමේදී "ලේබල් කිරිමේ නියාය" වැදගත් වේ.එම නියායේහි අරම්බක නියායාචර්ය වරයකු වන හොවර්ඩ් බේකර්(Howard Backer) පෙන්වා දෙන්නේ සමාජ කණ්ඩායම් විසින් නීති සැදීම තුලින් අපරාද කරුවන් බිහි කරණු ලබන  අතර එම නීති කඩ කරන්නන් අපරාද කරුවන් ලෙස හදුන්වන බවයි. එසේම සමහර මිනිසුන් මෙම නීති අනුගමනය කිරීමෙන් අපරාද කරුවන් ලේබල් කරනු ලබයි. එපමණක් නොව යමකු කරනු ලබන ක්‍රියාවක කොටසක් එම නීතිම ඔවූන්ට උපයෝගී කර ගනිමින් ඔවූන් වැරදි කරුවන් ලෙස හදුන්වයි. ඒ අනුව එම ලේබලය ගසා ඇති අයකු අපරාද කරුවකු ලෙස හැදින්විය හැකිය. මිනිසුන් එසේ ලේබල් ගසන නිසා එය අපරාද කාරී හෙවත් අපගාමී හැසිරීම වේ. මෙම ලේබල් වාදීන්ගේ අදහසට අනුව සමාජය තුල අපරාද නමැති විශේෂිත චර්යාවක් නැත. එහෙත් එය එක්තරා පුද්ගල පිරිසක් විසින් ගොඩනගා ගත්තකි. ඔවූහු අපරාද හා අපරාද කරුවන් තම චර්යාවන්ගෙන් වෙන්කර හදුනා ගනිති. මෙම ක්‍රියාවලිය හේතු කොට ගනිමින් අපරාද සමාජය තුල බිහිවනු ඇත. සමාජයේ යම් පුද්ගලයකු අපරාද කරුවෙකු ලෙස නිර්වචනය කල විට නැතහොත් ලේබල් ගැසූ විට එයින්ම ඔහුගේ අපරාද කාරී චර්යාව තාවදුරටත් වර්දනය වනු ඇත. මේ නිසා මානව සමාජය තුල අපරාදකාරී චර්යාව නොකඩවා ක්‍රියාතමක වන්නේය.

                 ඉහත සදහන් කල කරුණු දෙස බලන විට අපරාද නමැති සංසිද්ධ්ය ඉතා සංකිර්ණ වූවකි. පුද්ගල සමාජයක්,  පුද්ගල මතය මෙන් විවිධාකාරව වෙනස්ව පවතින අතර, එසේම එය එවැනි ක්‍රියාවලියක් බවටද පත්ව තිබේ. මෙවැනි තත්වයක් මත අප අපරාද වැනි සංකිර්ණ සංසිධිධියක් සදහා පොදු නිර්වචන ගොඩනැගීම නිෂ්පල වූවක් විය හැකිය. එසේ නම් විවිධ සමාජ වල බලඅධිකරින්ට අනුව සාදා වාරත්මක වටිනාකම් වලින්ද යුක්තව ඒ ඒ සමාජයන්ට අනුව අපරාද යන්න නිර්වචනය කල යුතු වේ. එහිදී නෙයිතික හා අපරාද විද්‍යාත්මක ධුෂ්ටි කෝණයන්ගෙන් පමණක් නොව සමාජ විද්‍යාත්මකවද අපරාද යන්න නිර්වචනය කිරිම උචිත වේ.


ආශ්‍රිත ග්‍රන්ථ

අපරාද, බාලාඅපරාද  සහ පුනරුත්ථාපනය -  කරුණාතිලක.කේ
අපරාද විද්‍යා ප්‍රවේශය-  කරුණාතිලක .කේ

More News »