සිවිල් නීතිය සහ පොදු නීතිය

2016-03-29 11:04:00       686


ඉංගී‍්‍රසි භාෂාව කථාකරන ජනයා, විශේෂයෙන්ම එංගලන්තයේ වර්ධනය වූ නීති පද්ධතිය වන පොදු නීතියට වඩා වෙනස් වූවක් ලෙස සිවිල් නීතිය හඳුනාගනු ලැබේ.

මූලික වෙනස වන්නේ පොදු නීතිය ලිඛිත නීති බිහිවීමට පෙර පැවැති සම්ප‍්‍රදායන් මත පදනම් වෙමින් වර්ධනය වූ නීතියක් වීමත්, ලිඛිත නීති බිහිවීමෙන් පසුවද එම නීති අධිකරණයන් විසින් යොදාගනු ලැබ තිබිමත්ය. සිවිල් නීතිය වර්ධනය වූයේ ජස්ටීනියන්ගේ රෝම නිතියෙනි.

පසුකාලීනව සිවිල් නීතිය ප‍්‍රමාණික ලෙස සලකනු ලැබූ චාරිත‍්‍රමය නෛතික සිද්ධාන්තයන්ගේ සංගෘහිත කිරීමක් ලෙස සැලකිල්ලට ලක්විය. 18 වන සියවසේ දෙවන භාගයේදී පුද්ගලික නීතිය සංගෘහිත කිරීම සඳහා දරන ලද්දාවූ උත්සාහයන් දැකගත හැක. කෙසේවෙතත් සිවිල් නීති සංග‍්‍රහයන්ගේ බලපෑම වඩාත් තදින් දැනෙන්ට පටන් ගත්තේ ප‍්‍රංශ විප්ලවයෙන් පසුකාලයේදීය. ප‍්‍රංශය, ඔස්ට්‍රියාව, ක්විබෙක්, ඉතාලිය, පෘතුගාලය, ස්පාඥ්ඥය, නෙදර්ලන්තය සහ ජර්මනියේද මෙය පැතිරින. කෙසේවෙතත් සංගෘහිත කිරීම සිවිල් නීති පද්ධතියේ අනිවාර්ය ලක්‍ෂණයක් නොවුනි. උදාහරණයක් ලෙස ස්කැන්ඩිනේවියානු රටවල සිවිල් නීතියේ වැඩි කොටසක් සංගෘහිත කොට නොමැත. මේ අතර පොදු නීති අධීකරණ බලයන් විශාල වශයෙන් සංග‍්‍රහ කරනු ලැබ ඇත. මේ දෙකෙහි මිශ‍්‍ර ස්වභාවයක් දැකගත හැකි නීති පද්ධතීන්ද පවතී. ස්විට්සර්ලන්තය, ක්විබෙක්, පිලිපීනය, නැමීබියාව සහ දකුණු අපි‍්‍රකාව මීට උදාහරණයන්ය. මේ අනුව සිවිල් නීතිය සහ පොදු නීතිය අතර වෙනස පවතින්නේ සංගෘහිත කිරීම මත නොව නීති සංග‍්‍රහයන් සහ ව්‍යවස්ථාවන් වෙත දක්වනු ලබන ක‍්‍රමවේදී ප‍්‍රවේශය මත බව පෙනීයයි. සිවිල් නීති රටවල ව්‍යවස්ථා සම්පාදනය නීතියේ මූලික මූලාශ‍්‍රය වෙයි. මේ අනුව අධිකරණයන් සිය තීන්දු ලබාදීමේදී නීති සංග‍්‍රහයන් සහ ව්‍යවස්ථාවන් මත පදනම් වෙයි. මෙහිදී කිසියම් කරුණක් අරභයා නිශ්චිත නෛතික ප‍්‍රතිපාදනයක් නොමැති අවස්ථාවක් උද්ගත වූ විට නීති සංග‍්‍රහයේ පොදු රීති හා මූලධර්මයන් කෙරෙහි අධිකරණය සලකා බලයි. මීට වෙනස්ව පොදු නීති පද්ධතියේදී නීතියේ ප‍්‍රාථමික මූලාශ‍්‍රය වන්නේ නඩු තීන්දුය. ව්‍යවස්ථාවන් පොදු නීතිය තුලට පසුව පැමිණි ද්විතීයික මූලාශ‍්‍රයක් ලෙස සලකනු ලබන අතර ඒවා පටු ලෙස අර්ථ දැක්වීම සිදු කරනු ලබයි.

බලය බෙදීමේ සංකල්පය කෙරෙහිද සිවිල් නීති හා පොදු නීති රටවල ආකල්පය එකිනෙකට වෙනස් වෙයි. සමහර පොදු නීති රටවල විශේෂයෙන්ම එක්සත් ජනපදයේ රජයේ අනෙකුත් ශාඛාවන්හි බලය සමතුලිත කරන තැනැත්තන් ලෙස විනිශ්චයකාර වරුන්ව සලකනු ලැබේ. මීට වෙනස්ව ප‍්‍රංශයේ බලය බෙදීම පිලිබඳ මූලික සංකල්පය වන්නේ ව්‍යවස්ථාදායකය සහ විනිශ්චකාරවරුන්ට එකිනෙකට වෙනස් භූමිකාවන් පවරා දීමයි. මෙහිදී විනිශ්චකාරවරුන් නීතිය ප‍්‍රායෝගික සිද්ධීන්ට අදාල කරන්නන් ලෙසින් පමණක් සලකනු ලබයි. එනම් බොහෝ සිවිල් නීති රටවල් අධිකරණ පූර්ව නිදර්ශන න්‍යාය ප‍්‍රතික්ෂේප කරසිටීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සීමා කිරීමට පියවර අනුගමනය කොට ඇත.

විවිධ සිවිල් නීති රටවල නෛතික ක‍්‍රමවේදයන්හි හඳුනාගත හැකි වෙනස්කම් රැසක්ද පවතී. උදාහරණයක් ලෙස නිතර ප‍්‍රකාශවන අදහසක් වන්නේ පොදු නීති උපදේශයන් වඩාත් දිගු විස්තර හා හේතුදැක්වීම් සහිත වන බවත් සිවිල් නීති රටවල නීති උපදෙස් ඉතා කෙටි සහ ස්වභාවයෙන්ම විධිමත් ඒවා වන බවත්ය. මෙම මූලධර්මය ප‍්‍රංශය සම්බන්ධයෙන් සත්‍යයක් වන අතර නඩු තීන්දුවලදී විනිශ්චයකාරවරුන් ව්‍යවස්ථාපිත නීතිය මිස පූර්ව නඩු තීන්දු සඳහන් නොකරති (කෙසේවෙතත් ඔවුන් සිය තීරණයන්ට එළැඹීමේදී ඒවා සැලකිල්ලට නොගන්නා බවත් මින් අදහස් නොවේ). මීට වෙනස්ව ජර්මන් භාෂාව කථාකරන රටවල අධිකරණ තීන්දු ඉංග‍්‍රීසි අධිකරණ තීන්දු තරම්ම දීඝ වියහැක. එමෙන්ම ඒවායේ පූර්ව අධිකරණ තීන්දු සහ ශ‍්‍රාස්ත‍්‍රාලීය ලිවීම් පිලිබඳවද ගැඹුරින් සාකච්ඡා කරනු ලබයි. කෙසේවෙතත් මෙහි සමහර සමාජවිචාරාත්මක වෙනස්කම් පවතී. සමහර සිවිල් නීති රටවල විනිශ්චකාරවරු නීතීඥයින්ගෙන් වෙන්වූ වෙනමම පිරිසක් ලෙස පුහුණු කිරීම සහ උසස්වීම් ලබාදීම සිදුකරනු ලැබේ. පොදු නීති විනිශ්චකාරවරුන් තොරාගනු ලබන්නේ පිලිගැනීමට ලක්වූ නීතීඥයින් අතුරිනි. ස්කැන්ඩිනේවියානු රටවල විනිශ්චකාරවරුන් වන්නේ එකී ධුරය සඳහා ඉල්ලූම් කරනු ලැබූ නීතීඥයින්ය. ප‍්‍රංශයේ විනිශ්චකාරවරුන් සඳහා වෙන්වූ වෙනමම පාසැලක් පවතී.

අපරාධ නඩු විධාන කාර්ය පටිපාටිය සම්බන්ධයෙන් ගත්කළ සිවිල් නීති පද්ධතීන් පදනම් වන්නේ චෝදනාත්මක ක‍්‍රමය අනුව නොව විමර්ෂනාත්මක ක‍්‍රමය මතය. පොදු නීති රටවල මෙවැනි ආකාරයේ අධිකරණ සංවිධානයක් එහි ඇති නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හේතුවෙන් විවේචනයට ලක්වී ඇත. මානව හිමිකම් පිලිබඳ යුරෝපීය ප‍්‍රඥප්තියේ පාර්ශ්වයන් වන බොහෝ යුරෝපීය රටවල් සාධාරණ නඩු විභාගයක් සඳහා ඇති අයිතිය සහ නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය සුරක්‍ෂිත කරනු ලබයි. මෙම ප‍්‍රඥප්තිය සියලූම සාමාජිකයින් විසින් සිය ව්‍යවස්ථාවන් මගින් බලාත්මක කොට ඇත. සමහර සිවිල් නීති රටවල මෙම ප‍්‍රඥප්තියට පෙර සිටම නිර්දොෂීභාවයේ පූර්ව නිගමනය සංකල්පයක් ලෙස පැවතින. උදාහරණයක් ලෙස නෝර්වේහි මෙම පූර්ව නිගමනය එරට චාරිත‍්‍රමය නීතිය තුල අන්තර්ගතව පැවති අතර එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද එය පිලිගනු ලැබ පැවතින.

නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය පැවතුනද විමර්ෂනාත්මක ක‍්‍රමයේ වෙනස වඩාත් නිරූපනය වනනේ පොදු නීති රටවල මහත් අවධානයක් යොමු කරනු ලබන ජූරියේ සමානත්වය තුලය. විමර්ෂනාත්මක ක‍්‍රමයන් තනි විසුරුවරයකු හෝ විනිශ්චය සභාවකින් සමන්විත විනිශ්චයාසනයන් ස්ථාපිත කිරීමට උන්නදු වෙයි. සමහර ස්කැන්ඩිනේවියානු රටවල එක් සිවිල් වැසියකු සහ පුහුණුවලත් නීති වෘත්තිකයින් දෙදෙනකුගෙන් සමන්විත විනිශ්චය සභාවන් කි‍්‍රයාත්මක වේ. මෙම විමර්ෂනාත්මක ක‍්‍රමයේ එක් ප‍්‍රතිඵලයක් වන්නේ ජූරි නඩු විභාගයන් අවම වීම නඩු විභාගයන්හි සාක්‍ෂි සම්බන්ධයෙන් විශාල වෙනස්කමක් ඇති කිරීමට හේතුවීමය. සාක්‍ෂි පිලිබඳ පොදු නීතියේ රීතීන් පදනම්ව ඇත්තේ ජූරිය නොමඟ යවන සහ විශ්වාසනීය නොවන සාක්‍ෂි වෙත අනවශ්‍ය ලෙස රැඳීම වැලැක්වීම සඳහාය. විමර්ෂනාත්මක ක‍්‍රමයේදී සාක්‍ෂි සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක රීති එතරම් සංකීර්ණ නොවන අතර එයට හේතුවී ඇත්තේ විශ්වාසනීය සාක්‍ෂි හඳුනාගැනීමේ හැකියාව නීති වෘත්තිකයන්ට පැවතීමය. මෙහි වඩාත් වැදගත් රීතිය වන්නේ ප‍්‍රවාදක සාක්‍ෂි පිලිබඳව වන රීතියයි. පොදු නීතියේ ප‍්‍රවාදක සාක්‍ෂි පිලිබඳව වන රීතියට දළ වශයෙන් ව්‍යතිරේඛයන් 32 ක් යොදාගැනීම වලක්වා ඇත්තේ අධිකරණයෙන් පිටදී කරන ලද ප‍්‍රකාශයන් භාවිතා කිරීම වැලැක්වීම සඳහාය

More News »