පුද්ගලික ආරක්ෂාවේ අයිතිය...

2016-04-18 10:53:00       690


සෑම තැනැත්තෙකුටම ඇති වැදගත් අයිතිවාසිකමක් ලෙස පුද්ගලික ආරක්ෂාවේ අයිතිය හැදන්විය හැකිය. යම් තැනැත්තෙකුට එරෙහිව යම් වරදක් සිදුවන්නේනම් එම වරදින් තම ජීවිතය හෝ දේපල බේරාගැනීම සදහා වරද සිදුකරන්නාට යම් හානියක් සිදු කිරීම සදුකිරීමෙන් එම වරද වලක්වා ගැනීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ලෙස සරළව හැදින්විය හැකිය. දණඩ නීති සංග්‍රහයේ 89 වන වගන්තියෙ සිට 99 වන වගන්තිය දක්වා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පළිබද විස්තර කර ඇත. පුද්ගලික ආරක්ෂාවේ අයිතිය තම ශරීරයට හෝ දේපල වලට එරෙහි වරදකදී මෙන්ම වෙනත් තැනැත්තෙකුගේ ශරීරටය හෝ දේපල වලට එරෙහි වරදකදීද යම් තැනැත්තෙක්‍රට ක්‍රියාත්මක කල හැකිය. එසේම ඇතැම් අවස්ථා වලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වරද සිදුකරන තැනැත්තාගේ මරණය සිදුකිරීම දක්වා සිදු කල හැකිය. එවැනි අවස්ථාවන් පිළබද දණ්ඩ නීති සංග්‍රහයේ විස්තර කර ඇත. එසේ විස්තර කර ඇති අවස්තාවන් මිස අනෙක් අවස්ථාවන් වලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මරණය සිදුකිරීම හැර ක්‍රියාත්මක කල නොහැකිය.

    පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමේදී කරන කිසිවක් වරදක් නොවේ යැයි දණ්ඩ නීති සංග්‍රහයේ 89 වන වගන්තියේ දක්වා ඇත. එනම් යම් වරදකට එරෙහිම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමේදී සිදු කරන කිසිම ක්‍රියාවක් සදහා පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කරන්නා කිසිදු වගකීමට යටත් නොවේ.

    එමෙන්ම මෙසේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චිකිරීම සදහා යම් සීමා කිරීම් ඇති අතර ඒවා 92 වන වගන්තියේ දක්වා ඇත. 90 වන වගන්තියේ දක්වා ඇත්තේ 92 වන වගන්තියේ ඇතුළත් සීමා කිරීම්වලට යටත් ව, පහත දැක්වෙන දේවල් ආරක්ෂාකර ගැනීමට සෑම තැනැත්තෙකුටම අයිතිය ඇත්තේය ලෙසයි.

    එසේම තව දුරටත් ශරීරය හා දේපල පිළිබද පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සම්බන්ධව 90 වන වගන්තියෙන් විස්තර කර ඇත. 90 වන වගන්තියට අනුව,
    1) මනුෂ්‍ය ශරීරයට විරුද්ධව කෙරෙන යම් වරදකදී තමාගේ ශරීරිය ද, වෙනත් තැනැත්තෙකුගේ ශරීරයද,
    2) සොරකම, කොල්ලකෑම, අනර්ථය කරරීම හෝ සාපරාධී අයුතු ඇතුළුවීම හෝ හෝ සොරකමට, කොල්ලකෑමට, අනර්ථය කිරීමට, හෝ සපරාධී අයුතු ඇතුළුවීමට තැත් කිරීම පිළිබදව විස්තරය යටතේ වැටෙන වරදක් වූ ක්‍රියාවක දී, තමාගේ හෝ වෙනත් තැනැත්තෙකුගේ චංචල හෝ නිශ්චල දේපළ ද,
    සම්බන්ධයෙන්ද පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඇත්තේය.
    මනුෂ්‍ය ශරීරයට විරුද්ධ කෙරෙන වැරදි වලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතයි සෑම අවස්තවකදීම ඇති අතර දේපල සම්බන්ධයෙන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඇත්තේ සොරකම, කොල්ලකෑම, අනර්ථය සිදුකිරීම හෝ සාපරාධී අයුතු ඇතුළුවීමට යන අවස්ථාවලදී හා එවැනි වැරුදි සිදු කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් පමණි.

    සිහිවිකල වූවකුගේ ක්‍රියාව ආදියට විරුද්ධව ඇති පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පිළිබද දණ්ඩ නීති සංග්‍රහයේ 91 වන වගන්තියෙ දක්වා ඇත‍.
    යම් ක්‍රියාවක් කරන තැනැත්තාගේ තරුණ භාවය, බුද්ධිය මේරීමේ අඩුකම, සිහි විකල බව හෝ මත්කම නිසා නැතහොත් එකී තැනැත්තා කරුණු වරදවා තේරුම් ගැනීම නිසා නොවේ නම් ඒ ක්‍රියාව නියතවශයෙන්ම වරදක් වන අවස්ථාවක දී, ඒ ක්‍රියාව වරදක් වූ විටක ඇති පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ම, එම ක්‍රියාවට විරුද්ධ ව සෑම තැනැත්තෙකුට ම ඇත්තේය.

    මෙම වගන්තියේ අර්ථය වන්නේ වැරද්දක් විය හැකි ක්‍රියාවක් එම වරද සිදුකරන තැනැත්තාගේ සිහිවිකල් බව, බුද්ධිය මේරීමේ අඩුකම, කරුණු වරදවා තේරුම්, ගැනීම මත්කම (මත්කම සෑම අවස්ථාවකදීම නිදහසට කරුණක් නොවන අතර වැරද්දකින් නිදහස් වීම සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී නිදහසට කරුණකි) නිසා එම ක්‍රියාව වරදක් නොවිය හැකි අවස්ථාවන් ඇත. එවැනි අවස්ථාවකදී එවැනි ක්‍රියාවකින් යම් තැනැත්තෙකුට හානියක් සිදුවන්නේනම් එම හානිය සිදුවන තැනැත්තාට එම ක්‍රියාව වරදක් වන අවස්ථාවකදී ඇති විටකදී මෙන්ම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ඇත්තේය.

    ඇතැම් අවස්ථාවලදී පුද්ගලික ආරක්ෂාවේ අයිතිය වරද සිදුකරන තැනැත්තාගේ මරණය සිදුකිරීම දක්වා සිදුකල හැකි අතර අනෙක් අවස්ථාවලදී මරණය හැන වෙනත් හානියක් සිදුකළ හැකි. එසේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකි අවස්ථවන් සහ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට ඇති සීමා කිරීම් ඉදිරි මෙවැනිම ලිපිපෙලකින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වේ.

    මූලික අයිතිවාසිකම් හදුනා ගනිමු... (දෙවන කොටස)

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III වන පරිච්ඡේදයේ සදහන් මූලික අයිතිවාසිකම් පිළිබද යම් අවබොධයක් ඔබ සැමට ලබා දීමට කොටස් වශයෙන් පළවන ලිපිමාලාවක් මගින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වේ. මේ එහි දෙවන කොටසයි.

    මානව හිමිකම් මෙන්ම මානව හිමිකම් පිළබද විශ්ව ප්‍රකාශය පිළිබද යම් අවබෝධයක් මීට පෙර ලිපියෙන් ඔබ වෙත ලබාදෙන්නට හැකිවන්ට ඇතැයි අප විශ්වාස කරනව.

    මානව හිමිකම් පිළබද විශ්ව ප්‍රකාශයේ සදහන් වන සමහර අයිතීන් මූලික අයිතිවාසිකම් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයට ඇතුලත් කර ඇත. එම නිසා එම අයිතිවාසිකම් විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් කඩ වූ විටකදී හෝ කඩවීමට අත්‍යාසන්න වූ විටකදී යම් තැනැත්තෙකුට සහනයක් හෝ පිහිටක් ලබා දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිය හැකිය. (මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට අදාල නීතිය සම්බන්ධයෙන් පසුවට සාකච්චා කිරීමට බලාපොරොත්තු වේ.)

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III වන පරිච්ඡේදයේ 10, 11, 12, 13, 14 යන ව්‍යවස්ථා වලින් මූලික අයිතිවාසිකම් විස්තර කර ඇති අතර 15 වන ව්‍යවස්ථාව මගින් මූලික අයිතිවාසිකම් පිළිබද සීමාවන් දක්වා ඇත. මේ අතරින් 12(2) සහ 14(1) යන ව්‍යවස්ථා ශ්‍රි ලංකාවේ පුරවැසියන්ට පමණක් අදාලවෙයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 10 වන ව්‍යවස්ථාවෙහි දක්වා ඇත්තේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස පිළිබදවයි. සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහස ද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘදය සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. යැයි 10 වන ව්‍යවස්ථාවෙ දක්වා ඇත.

    අනෙකුත් මූලික අයිතිවාසිකම් මොනවාද යන්න මූලික අයිතිවාසිකම් හදුනාගනිමු තෙවන ලිපියෙන් බලාපොරොත්තු වන්න.


    මූලික අයිතිවාසිකම් හදුනා ගනිමු... (තෙවන කොටස)

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III වන පරිච්ඡේදයේ සදහන් මූලික අයිතිවාසිකම් පිළිබද යම් අවබොධයක් ඔබ සැමට ලබා දීමට කොටස් වශයෙන් පළවන ලිපිමාලාවක් මගින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වේ. මේ එහි තෙවන කොටසයි.

    සෑම තැනැත්තෙකුටම වැදගත් වන මූලික අයතිවාසිකමක් අප අද සාකච්ඡා කිරීමට සූදානම් වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව අනුව කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය.

    මෙම අයිතිවාසිකම විශේෂයෙන්ම අත්තඩංගුවට පත් වන සැකකරුවන් කෙරෙහි වැදගත්වේ. යම් කිසි වරදකට චෝදනා කරමින් යම් තැනැත්තෙකු අත්තඩංගුවට පත්වූ විට අධිකරණයකින් වරද කරුවකු කරනු ලබන තෙක් ඔහු නිවැරදි කරුවෙකි. නමුත් බොහෝ විට අපට අසන්න ලැබෙනුයේ අත්තඩංගුවට පත්වන සැකකරුවන්ට නොයෙකුත් කෘර අන්දමට සලකන ආකාරයන්ය. යම් වරදකට චෝදනා කරමින් අත්තඩංගුවට පත් වන තැනැත්තෙකුහට අයිතිවාසිකම් සමූහයක් ඇති අතර එවැනි සැකකරුවකුට දඩුවම් පැනවිය හැක්කේ අධිකරණයට පමණි. එවැනි සැකකරුවකුට යම් ආකාරයකින් කෘර ලෙස සලකන්නේනම් එය නීති විරෝධී වන්නා සේම එසේ අගතියට පත්වන්නාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කල හැකිය.
    මේසම්බන්ධ තවත් වැදගත් කරුණු රැසක් මූලික අයිතිවාසිකම් හදුනාගනිමු ඉදිරි ලිපිවලින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වේ.

    මූලික අයිතිවාසිකම් හදුනා ගනිමු... (හතරවන කොටස)

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III වන පරිච්ඡේදයේ සදහන් මූලික අයිතිවාසිකම් පිළිබද යම් අවබොධයක් ඔබ සැමට ලබා දීමට කොටස් වශයෙන් පළවන ලිපිමාලාවක් මගින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වේ. මේ එහි හතරවන කොටසයි.
    මීට පෙර මූලික අයිතිවසිකම් පරිච්ඡේදයේ 10 හා 11 යන ව්‍යවස්තාවන් පැහැදිලි කලේය. මෙම ලිපියෙන් 12 යන ව්‍යවස්ථාව පැහැදිලි කරනු ලබයි.

    නීතිය අභියස සර්වසාධාරණත්වයට සහ නීතියේ සර්ව සාධාරණත්ව රැකවරණයට අයිතිවාසිකම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන ව්‍යවස්ථාව මගින් ඉදිරිපත් කරයි. මෙමගින් අදහස් කරනු ලබනුයේ සෑම තැනැත්තෙකුම නීතිය ඉදිරියේදී එක හා සමාන බවය. එනම් ධනය බලය වැනි කාරණා මත එක් එක් තැනැත්තන් හට උසස් කොට සැලකීම හෝ දුබල තැනැත්න්ට වෙනස් කර නීතිය ඉදියේදී නොකල යුතුය යන්නයි. නීතිය ඉදිරියේදී සෑම තැනැත්තෙකුම එක හා සමානය කුමන කාරණයකදී වුවද සියලුම දෙනා හට එක සේ සැලකිය යුතුය.

    12(1) ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ නීතිය පසදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය ලෙසටය. කසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හො උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස් කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේ ය ලෙසට 12(2) ව්‍යවස්ථාවේ වැඩිදුරටත් දක්වා ඇත.

    නමුත් එසේ වුවද රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධූරයක කාර්ය ඉටු කිරීම සදහා යම් තැනැත්තෙකු යම් භාෂාවක් පිළිබද පුමාණවත් දැනීමක් ඇතිව සිටීම සාධාරණව අවශ්‍ය වන අවස්ථාවක ඒ සේවා නියුකුතිය හෝ ධූරය සදහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබදව එසේ ප්‍රමාණවත් දැනීමක් සාධාරණ කාලයක් තුල දී ලබා ගත යුතු යයි එවැනි තැනැත්තකුට නියම කිරීම නීත්‍යනු කූල වන්නේය යැයි 12(2) ව්‍යවස්ථාවට යටින පැහදිලි කිරීමක් දක්වා ඇත. එසේම තවදුරටත්, එවැනි යම් සේවා නියුකුතියක හෝ ධූරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පළිබද දැනීම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්ථවල දී, ඒ සේවා නියුකුතියට හෝ ධූරයට හෝ ඇතුළත් කර ගැනීමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබද ප්‍රමාණවත් දැනීමක් තිබිය යුතු යැයි නියම කිරීම නීත්‍යනුකූල වන්නේ ය. යැයි එහි වැඩි දුරටත් දක්වා ඇත.

    එසේම පොදු ස්ථානවල වැනි ස්ථානවලට ඇතුළුවීමේදී කිසිදු වෙනස් කමකට ලක් නොකල යුතුයුයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(3) ව්‍යවස්ථාවේ දක්වා ඇත. එහි දක්වා ඇති ආකාරයට වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළදසැල්වලට, පොදු භොජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට, බැදීමකට, සීමා කිරීමට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය.

    කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සදහා නීතියෙන් හෝ අනුනීතිවලින් හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම මේ ව්‍යවස්ථවෙන් කිසිසේත් අවහිර නොවන්නේ ය යැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(4) ව්‍යවස්ථාවේ දක්වා ඇත.

    මේ අතරින් 12(2) ව්‍යවස්ථාවේ දක්වා ඇති අයිතිවසිකම් අදාල වන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණි.

    නීතිය අභියස සර්වසාධාරණත්වයට සහ නීතියේ සර්ව සාධාරණත්ව රැකවරණයට අයිතිවාසිකම හා සම්බන්ධ සමානාත්මතා මූලධර්මයේ අංශ දෙකක් මෙයට ඇතුලත් වේ. එනම් සක්‍රීය අංශය හා අක්‍රීය අංශය ලෙසයි. නීතිය පසදලීම සහ ක්‍රියාත්මක කිරීම, සර්ව සාධාරණ විය යුතුය යන්න එහි අක්‍රීය අංශයයි. එමගින් කිසියම් තැනැත්තකුගේ වාසියට වූ වරප්‍රසාද නොමැති බවත්, සෑම පන්තියක්ම නීතියට එකසේ යටත් කරන බවටත් සහතික කරයි.
    නීතියේ රැකවරණය සර්ව සාධාරණත්වයේ සක්‍රීය අංශයයි. සමාන තත්වයක සිටින සෑම දෙනාටම අයිතිවාසිකම් සහ යුතුකම් යන දෙකටම අදාළව නීතියෙන් එක සමාන සැලකිල්ලක් ලැබිය යුතු බව එහි අදහසයි. (J.A.L. Cooray, op.cit.,P630)

    සෑම තැනැත්තෙකුටම ඉතාමත් වැදගත් වන මූලික අයිතිවාසිකමක් පිළිබද මූලික අයිතිවාසිකම් හදුනා ගනිමු පස්වන කොටස තුලින් බලාපොරොත්තු වන්න.

    මූලික අයිතිවාසිකම් හදුනා ගනිමු... (පස්වන කොටස)

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි III වන පරිච්ඡේදයේ සදහන් මූලික අයිතිවාසිකම් පිළිබද කොටස් වශයෙන් පළවන ලිපිමාලාවේ පස්වන කොටස.
    මෙවර ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යස්ථාව පිළබද ඉදිරිපත් කෙරේ. 13 වන ව්‍යස්ථාවෙන් දැක්වෙනුයේ අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම සම්බන්ධයෙනි.
    විශේෂයෙන් වරදකට චෝදනා කර අත්තඩංගුවට ගනු ලබන සැකකරුවෙකුට ඇති අයිතිවාසිකම් මෙන්ම අත්තනෝ මතික ලෙස අත්තඩංගුවට ගැනීම වැලැක්වීම සම්බන්දව මෙම ව්‍යවස්ථාව වැදගත් වේ. 13 වන ව්‍යවස්ථාවට අනු ව්‍යවස්ථාවන් 7 ක් ඇත්තේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(1) ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපායට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකල යුත්තේය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය. එනම් යම්තැනැත්තකු අත්තඩංගුවට ගන්නේම් එසේ අත්තඩංගුවට ගැනීම සිදුකරන තැනැත්තා නීතියෙන් නියම කරනු ලබන කාර්ය පටිපාටිය අනුකූලව එය සිදු කලයුතු අතර එසේ සිරභාරයට ගනු ලබනුයේ කුමන හේතුවක් මතද යන්න අත්තඩංගුවට පත්වන තැනැත්තාට දැන්විය යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (1) ව්‍යවස්ථාවේ මේ බව දක්වා ඇත.

    අත්තඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ රදවා තබා ගනු ලැබූ හෝ අන්‍යකාරයකින්

More News »