විශ‍්‍රාම වැටුප නොලැබීමට හෝ ප‍්‍රමාදවීමට හේතු සොයා බලමු

2016-04-22 11:08:00       681


තරුණ වියේ කොතරම් යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කළත් මහලු වියට පත්වන විට ඒ තත්ත්වය වෙනස් වීම ස්වාභාවිකයි. කායිකව හා මානසිකව දුර්වලවනවා සේම ආර්ථික මට්ටමින් ද යම් පසුබෑමක් ඇති වේ. එවිට ඔවුන්ගේ සිතට දැනෙන අසරණ කම වචනයෙන් ප‍්‍රකාශ කළ නොහැකි තරම්ය. රජයේ සේවකයකුට නම් තම සේවයෙන් විශ‍්‍රාම ගත් පසු ඉදිරි ජීවිතය කාලය ගත කරන්නට සහනයක් පිණිස ඔවුන් හට විශ‍්‍රාම වැටුප ලබා දේ. මෙය ලබා දෙන්න් විශ‍්‍රාම වැටුප් කාර්යාලයෙනි. මෙම දෙපාර්තෙම්න්තුවේ පවත්නා වු සංකීර්ණ කි‍්‍රයා පාටිපටිය නිසා ඇතැම් විශ‍්‍රාමිකයින් හට විශ‍්‍රාම වැටුප් ලැබීමේ ප‍්‍රමාදයක් තිබෙන බව බොහෝ දෙනාගේ මැසිවිල්ලකි. නමුත් මේ සඳහා සියයට සියයක්ම විශ‍්‍රාම වැටප් දෙපාර්තමේන්තුවේ ප‍්‍රමාද දෝෂයන් නිසා සිදුවන්නක් බව අපට පැවැසීමට නොහැකියි. මන්ද විශ‍්‍රාමික ඔබත් මේ සඳහා දායක වන බැවිනි.ඔබ රජයේ ආයතනයක රාජකාරි කටයුතු ඉටුකරලන්නේ නම් එහි දී ඔබ විශ‍්‍රාම යන අවස්ථාවේ ඔබේ ලියකියවිලි විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. මේ සඳහා අවශ්‍ය ලියකියවිලි මෙම දෙපාර්තමේන්තුවට ලැබීමට ප‍්‍රමාද වන්නේ නම් විශ‍්‍රාම වැටුප සකස් කිරීමට ද කල් ගත වේ. අනෙක මේ ලියකියවිලි වල දෝෂ සහගත තත්ත්වයන් පැවැතීම හා අපැහැදිලි කරුණු අඩංගු වේ නම් විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එම වැටුප ලබාදීමට කල් ගත වේ. එනිසා ඔබේ පුද්ගලික තොරතුරු අඩංගු ලියකියවිලි අපැහැදිලි තාවයින් තොරව සකස්කර තිබීම ඉතාමත් වැදගත්.විශාම වැටුප්ලාභී විශ‍්‍රාමික ඔබ එය ලබා ගැනීම සඳහා W. O. P.  (ඩබ්ලිව්. ඕ. පී.) අංකය මතකයේ තබා ගැනීම අත්‍යාවශ්‍යයි. ඔබට ලබාදෙන පෝරමයේ වම්පස ඉහළ කෙළවරේ මේ ඩබ්ලිව්. ඕ. පී. අංකය සඳහන් කර තිබේ. පෝරමය දෙස බැලූ බැල්මටම මේ අංකය සොයාගත නොහැකි නිසා බොහෝ දෙනා  W. O. P.අංකය නොදැන සිටියි. නමුත් මේ අංකය දැන සිටීම ඉතා වැදගත්ය. මිශ‍්‍රාමික ඔබ පමණක් නොව ඔබේ භාර්යාව නැතිනම් ස්වාමිපුරුෂයාව ද  W. O. P.අංකය පිළිබඳව දැනුවත් කරන්න. මන්ද ඔබෙන් පසු විශ‍්‍රාම වැටුපට හිමිකම් කියන වැන්දඹු බිරිය හා දරුවන් හට විශ‍්‍රාම වැටුප දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන්නේ මේ අංකය හරහායි. W. O. P.අංකය නොදැන සිටී නම් එය ඔහුගේ ලියකියවිලි වලින් සොයා ගත යුතුයි. මේ සඳහා කල්ගත වන විට විශ‍්‍රාම වැටුප ලබා ගැනීමට ද කාලයක් ගත වේ. නමුත් කිසිදු ආදායමකින් තොරව ජීවත්වන පවුලකට නම් විශාම වැටුප ප‍්‍රමාද වීම දැඩි ප‍්‍රශ්න සහගත තත්ත්වයක් උදා කරලයි. විශ‍්‍රාම වැටුප් ප‍්‍රමාද වීම සඳහා ප‍්‍රායෝගිකව බලපාන කරුණු කිහිපයක් මෙහි සඳහන් කර ඇත. සමහර අවස්ථා වලදී විශ‍්‍රාම වැටුප් සම්බන්ධයෙන් පවත්නා වූ නීති රීති වලින් බැහැරව ද මේ සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින් සිටියි. තම මියගිය පියා නැතිනම් මවගේ විශ‍්‍රාම වැටුප ලබා ගැනීම, දෙවැනි කසාද බිරිය විශ‍්‍රාම වැටුපට ඉල්ලුම් කිරීම, සමහර විට අනියම් බිරිය හා ඇයගේ දරුවන් විශ‍්‍රාම වැටුප ඉල්ලා සිටින අවස්ථා ඇත. එවැනි අවස්ථාවකදී විශ‍්‍රාමිකයා හා ඉල්ලුම් කරන පුද්ගලයා අතර ඇති සම්බන්ධතා මුලින්ම සොයා බලයි. ඉන්පසු මේ දෙපාර්තමේන්තුවේ නීති රීති වලට අනුව විශ‍්‍රාම වැටුප සාධාරණ ලෙසින් ලබා දිය යුත්තේ කාහට ද යන්න තීරණය කරනවා. අවශ්‍ය වූ විට මේ සඳහා ඉල්ලුම් කරන පුද්ගලයින් මෙම දෙපාර්තමේන්තුවට කැඳවා ප‍්‍රශ්න කරන අවස්ථා ද තිබේ. මෙහිදී අවසාන තීරණය ගනු ලබන්නේ විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ඇතුළු නිලධාරි මඬුල්ලක් විසිනි.

More News »