ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය

2016-04-26 11:04:00       605


ශ‍්‍රී ලංකාව තුළ සිදු වූ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වග වීම පිළිබඳ ප‍්‍රශ්න හා පිළිතුරු

    2009 මැයි මාසයේ දී ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වීමට පෙර සිට ම, ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ හමුදාවන් හා දෙමළ ඊළම් විමුක්ති කොටි යන පාර්ශ්ව දෙක ම විසින් සිදු කරන ලද ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස හියුමන් රයිට්ස් වොච් එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා ඇත. මෙම ප‍්‍රශ්න හා පිළිතුරු මගින් ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වග වීමට අදාළ නානාවිධ ගැටලූ සලකා බලනු ලැබේ.
     
    හැඳින්වීම
     
    ශ‍්‍රී ලංකා ආණ්ඩුව වසර 25කට වැඩි කාලයක් පුරා බෙදුම්වාදී දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ* සමග සන්නද්ධ ගැටුමක නිරත ව සිටියේය. මෙම ගැටුම බොහෝ මානව හිමිකම් අපයෝජනයන්ගෙන් සමන්විත වූ අතර, හියුමන් රයිට්ස් වොච් විසින් දීර්ඝ කාලයක් තිස්සේ ඒවා වාර්තා කරනු ලැබ ඇත. 2002 වර්ෂයේ පෙබරවාරි මාසයේ දී ආරම්භ වූ සටන් විරාමය 2006 වර්ෂයේ මැද ප‍්‍රධාන හමුදා මෙහෙයුම් නැවත ආරම්භ වීමත් සමග අවසන් විය. දෙමළ ජනවාර්ගික සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට තමන් සමග ඒමට බල කරමින්, එල්ටීටී බලකායෝ දිවයිනේ ඊසානදිග වෙරළ තීරයේ පිහිටි වට වූ භූමි ප‍්‍රදේශයකට සෙමින් පසුබැස්සහ. 2009 ජනවාරි මාසයේ දී ආරම්භ වූ වට වූ භූමි ප‍්‍රදේශය තුළ සටන, එල්ටීටීඊය විසින් සිවිල් ජනයා මිනිස් පලිහවල් ලෙස යොදා ගැනීමත්, ආණ්ඩුවේ හමුදාවන් විසින් වගවිභාගයකින් තොර ව ජනයා පදිංචි වී සිටි ප‍්‍රදේශයන්ට විශාල කාලතුවක්කුවලින් වෙඩි තැබීමත් සමග උග‍්‍ර විය. ආණ්ඩුවේ හමුදාවන් අඛණ්ඩ ව ඉදිරියට ගිය අතර, අවසානයේ දී ඉහළ පෙළේ නායකත්වය ද ඇතුළු එල්ටීටීඊය වෙරළ තීරයේ කුඩා බිම් තීරුවකට කොටු කළේය. මැයි 18 දින, එල්ටීටීඊයේ පරාජයෙන් සටන අවසන් වූ අතර, එල්ටීටීඊ නායකත්වයේ බොහෝ දෙනෙක් ඝාතනය කරනු ලැබුණහ.
     
    ආණ්ඩුව විසින් මාධ්‍යයට, මානව හිමිකම් කණ්ඩායම්වලට හා බොහෝ මානුෂීය ආයතනයන්ට ගැටුම් ප‍්‍රදේශයට යාම තහනම් කිරීම හේතුවෙන් ඒ වන විට පැවති තත්වය පිළිබඳ තොරතුරු තියුණු ලෙස අඩු විය. කෙසේ වෙතත්, එතැන් සිට හියුමන් රයිට්ස් වොච් හා වෙනත් සංවිධාන විසින් යුද කලාපය තුළ කොටු වී සිටි ශ‍්‍රී ලාංකිකයන්ගෙන් ඍජු ව ම විස්තර හා ඡුායාරූප රැුස් කර ගනු ලැබ ඇත. ඒවා මගින් පින්තාරු කෙරෙනුයේ සටන, මන්දපෝෂණය හා අප‍්‍රමාණවත් වෛද්‍ය රැුකවරණය හේතුවෙන් ඇති වූ මරණය පිළිබඳ භයානක චිත‍්‍රයකි. මෙම ගැටුමේ දී, විශේෂයෙන් ම 2009 ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා අවසන් මාස පහ තුළ දී සිවිල් වැසියෝ විශේෂයෙන් බරපතළ මිලක් ගෙවූහ. මෙම මාසයන්හි දී කොපමණ ජනයා මිය ගියේ ද යන්න පැහැදිලි නොමැති නමුත්, යටත් පිරිසෙයින් සිවිල් වැසියන් 7,000ක් මිය ගිය බවත්, 13,000ක් තුවාල ලැබූ බවත් එක්සත් ජාතීන් විසින් මධ්‍යස්ථ ව තක්සේරු කරනු ලැබුණි. 2009 වර්ෂයේ ආරම්භයේ සිට ශ‍්‍රී ලංකාව හා එල්ටීටීඊය විසින් ජාත්‍යන්තර මානුෂීය නීතිය (යුද නීති* සම්බන්ධයෙන් සිදු කරන ලද බව කියන බරපතළ උල්ලංඝනයන් ගණනාවක් පිළිබඳ ව හියුමන් රයිට්ස් වොච් විසින් විමර්ශනය කරනු ලැබ ඇත. ආණ්ඩුවේ හමුදාවන් විසින් සිදු කරන ලද අපයෝජනයන්ට ඇතුළත් වනුයේ: ප‍්‍රකාශිත යුද මුක්ත කලාප ඇතුළු ජනයා බෙහෙවින් පදිංචි වී ප‍්‍රදේශයන්හි දී විශාල කාලතුවක්කු වැනි ආයුධ වගවිභාගයකින් තොර ව යොදා ගැනීම; සිවිල් වැසියන්ට, රෝහල්වලට හා මානුෂීය පහසුකම්වලට නැවත නැවත් ෂෙල් ප‍්‍රහාරයන් එල්ල කිරීම; සැකකාර එල්ටීටීඊ සටන්කරුවන් බලාත්කාරයෙන් අතුරුදන් කිරීම; අධිකරණ තීන්දුවකින් තොර ව මරණ දඬුවම් පැමිණවීම. එල්ටීටීඊය විසින් සිදු කරන ලද අපයෝජනයන්ට ඇතුළත් වනුයේ: සිවිල් වැසියන් මිනිස් පලිහවල් ලෙස යොදා ගැනීම හෝ ඔවුන් අනවශ්‍ය අවදානම්වලට ලක් කිරීම; ගැටුම් කලාපයෙන් පලා යාමට උත්සාහ කරමින් සිටි සිවිල් වැසියන්ට හිතාමතා වෙඩි තැබීම; ළමා සොල්දාදුවන් යොදා ගැනීම.
     
    සන්නද්ධ ගැටුමකට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් - රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් යන දෙපාර්ශ්වය ම - ජාත්‍යන්තර මානුෂීය නීතියේ අවශ්‍යතාවන්ට අනුකූල ව ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුය. එනම්, සෑම පාර්ශ්වයක් ම යුද නීතිවලට ගරු කළ යුතු අතර, තම සන්නද්ධ හමුදාවන් හා තම නියෝග මත හෝ තම මෙහෙයවීම හෝ පාලනය යටතේ ක‍්‍රියා කරන වෙනත් පුද්ගලයන් හෝ කණ්ඩායම් විසින් ඒවාට ගරු කෙරෙන බව සහතික කළ යුතුය. මෙම බැඳීම රඳා පවතිනුයේ, විරුද්ධ පාර්ශ්වය ඊට ගරු කළා හෝ නොකළා ගැටුමට සම්බන්ධ අන්‍යෝන්‍ය පාර්ශ්වයන් විසින් අවශ්‍යතාවන්ට ගරු කළ යුතුය යන්න මතය. එය රඳා පවතිනුයේ, අදාළ පාර්ශ්වයන් - රාජ්‍යයක් වේවා (ත‍්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීම* සන්නද්ධ කණ්ඩායමක් වේවා (ජනවාර්ගික නිජභූමිය* - යුද්ධයට යන හේතුව මත ද නොවේ. එසේ ම, චුදිත උල්ලංඝනයන් හේතුවෙන් ඇති වන හානියේ වෙනස්කම් නොතකා සන්නද්ධ ගැටුමට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් එම ප‍්‍රමිතීන්ට බැඳී සිටිය යුතුය.
     
    තම සන්නද්ධ හමුදාවන් හා යටතේ තම අධිකාරය, මෙහෙයවීම හෝ පාලනය යටතේ ක‍්‍රියා කරන පුද්ගලයන් හෝ ආයතනයන් බරපතළ යුද නීති උල්ලංඝනයන් සම්බන්ධයෙන් සන්නද්ධ ගැටුමේ සියලූ පාර්ශ්වයන් වගකිව යුතුය. එම වගකීම, රාජ්‍යයක් විසින් වේවා රාජ්‍ය නොවන ක‍්‍රියාකාරකයෙකු විසින් වේවා, සිදු වූ මරණ හෝ තුවාල සඳහා පූර්ණ වන්දි ලබා දීමේ අවශ්‍යතාවක් ඇති කරන අතර, මෙම වන්දිවල ස්වරූපය, වෙනත් රාජ්‍යයකට, ආයතනයකට හෝ පුද්ගලයන්ට ප‍්‍රතිෂ්ඨාපනය (පෙර පැවති තත්වය නැවත ඇති කිරීම*, අලාභ ගෙවීම (මූල්‍යමය ගෙවීම්* හෝ තෘප්තිය (නිල වශයෙන් සමාව ගැනීමක් හෝ වෙනත් ක‍්‍රියාවක් යනාදිය* ලබා දීම විය හැකිය. පහත සාකච්ඡුා කරනු ලබන ආකාරයට, තම පාලනය යටතේ ක‍්‍රියා කරන යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් ලවා වග වීම සඳහා ද රාජ්‍යයන්ට බැඳීමක් ඇත.
     
    ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමට අදාළ ජාත්‍යන්තර නීති කවරේ ද?
     
    ශ‍්‍රී ලංකාව හා එල්ටීටීඊය අතර සන්නද්ධ ගැටුම, ජාත්‍යන්තර ගිවිසුම් මගින් හා ව්‍යවහාර ජාත්‍යන්තර මානුෂීය නීතියේ නියමයන් මගින් පාලනය වේ. ආයතන ගත රාජ්‍ය ප‍්‍රතිපත්ති මත පදනම් වන ව්‍යවහාර මානුෂීය නීතිය විසින්, ශ‍්‍රී ලංකාව වැනි රාජ්‍යයන් වේවා එල්ටීටීඊය වැනි රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් වේවා ගැටුමට සම්බන්ධ සියලූ පාර්ශ්වයන් බැඳ තැබෙන අතර, සතුරුකම් පවත්වා ගෙන යන ආකාරය සලකා බලනු ලැබේ. යම් පාර්ශ්වයක පාලනය යටතේ සිටින පුද්ගලයන්ට සැලකීම සම්බන්ධ අවම ප‍්‍රමිතීන් විස්තර කරන 1949 ජිනීවා ප‍්‍රඥප්තියේ 3 වන පොදු වගන්තිය ද අදාළ ගිවිසුම් නීතිවලට ඇතුළත් වේ.
     
    වග වීම වැදගත් වනුයේ ඇයි?
     
    යුද නීති පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුද්ගලයන් ලවා වග වීම වැදගත් වේ. එය අනාගත උල්ලංඝනයන් වැළැක්වීමට, නීතියට ගරු කිරීමට අනුබල දීමට හා ගොදුරු වූ අයට සහන සැපයීමේ ක‍්‍රම සම්පාදනය කිරීමට හේතු විය හැකිය. මෙම නීති යටතේ වැරදිකාර පුද්ගලයන් ලවා වග වන සන්නද්ධ හමුදාවන් විසින් තම හමුදාවන් තුළ විනය හා වෘත්තීය දක්ෂතා දියුණු කෙරේ, වගකිව හැකි ආඥාවන් පවත්වා ගනු ලබයි, සිවිල් ජනයා සමග සම්බන්ධතා වැඩි දියුණු කෙරෙයි. එවැනි වග වීමක් තහවුරු කිරීමට අසමර්ථ වන රාජ්‍යයන් හා රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම් විසින් ගැටුම් ප‍්‍රදේශවල දී හා ගෝලීය වශයෙන් තම කීර්තියට හානි කර ගනු ලබයි, තමන්ට එරෙහි ව ජාත්‍යන්තර පියවරයන් ගැනීමට තිබෙන අවස්ථා වැඩි කර ගනු ලබයි. තමන් පත් ව සිටින අවාසනාවන්ත තත්වයට යුක්තිය ඉටු කර ගැනිමට උත්සාහ කරන යුද නීති උල්ලංඝනයන්ට ගොදුරු වූ අය හා ඔවුන්ගේ පවුල් සඳහා ද එවැනි වග වීමක් අත්‍යවශ්‍ය වේ.
     
    යුද නීතිවලට ගරු කරන බව සහතික කිරීම සඳහා රාජ්‍යයන්ට පොදුවේ පවත්නා බැඳීම් කවරේ ද?
     
    ගැටුමක පාර්ශ්වයක් වූවත් නොවූවත්, ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් නතර කිරීම සඳහා තම බලය යොදා ගැනීමට 1949 ජිනීවා ප‍්‍රඥප්තිය යටතේ සියලූ රාජ්‍යයන්ට වගකීමක් ඇත. එවැනි පියවරයන් ඒකපාර්ශ්වීය ව හෝ රාජ්‍යයකට හෝ සන්නද්ධ කණ්ඩායමකට හෝ යම් පුද්ගලයන්ට එරෙහි ව සාමූහික ව සම්බාධක පැනවීම වැනි බහුපාර්ශ්වීය පියවරයන්හි කොටසක් ලෙස ගනු ලැබිය හැකිය.
     
    යුද නීති උල්ලංඝනය කර තිබෙන පුද්ගලයන්ගේ වග වීම සහතික කිරීම සම්බන්ධයෙන් මූලික වගකීම දරන්නේ කවුද?
     
    බරපතළ උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කෙරෙන බව සහතික කිරීම, පළමු ව තම ජාතිකයන් උල්ලංඝනයන්ට තම පුරවැසියන් සම්බන්ධ රාජ්‍යයන්ගේ වගකීමක් වන්නේය. තම සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන් හෝ තම අධිකරණ බලය යටතේ සිටින වෙනත් පුද්ගලයන් සම්බන්ධ බව ඇඟවෙන බරපතළ උල්ලංඝනයන් පරීක්ෂාවට ලක් කිරීමට රාජ්‍යයන්ට වගකීමක් තිබේ. හමුදා හෝ දේශීය අධිකරණයන් හෝ වෙනත් ආයතනයන් විසින් බරපතළ උල්ලංඝනයන් සිදු වූයේ ද යන්න පිළිබඳ ව අපක්ෂපාතී ව පරීක්ෂණ පවත්වනු ලබන බවත්, ජාත්‍යන්තර සාධාරණ නඩු විභාග ප‍්‍රමිතීන්ට අනුකූල ව එම උල්ලංඝනයන්ට වගකිව යුතු පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන්ට විරුද්ධ ව නීතිමය පියවර ගනු ලබන බවත්, වැරදිකරුවන් බවට පත් වන පුද්ගලයන්ට ඔවුන්ගේ ක‍්‍රියාවයන්ට සරිලන දඬුවම් පනවනු ලබන බවත්, රාජ්‍යය විසින් සහතික කළ යුතු වේ.
     
    තම සොල්දාදුවන් අතර සිටින යුද නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහි ව නීතිමය පියවර ගැනීම පිළිබඳ එම නීතිමය බැඳීම රාජ්‍ය නොවන සන්නද්ධ කණ්ඩායම්වලට නොමැති නමුත් යුද නීතිවලට අනුකූල ව කටයුතු කරන බව සහතික කිරීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු අතර, නඩු විභාගයන් සිදු කරන අවස්ථාවන්හි දී ජාත්‍යන්තර සාධාරණ නඩු විභාග ප‍්‍රමිතීන්ට අනුව එසේ කිරීමට ඔවුන්ට වගකීමක් ඇත.
     
    ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ උල්ලංඝනයන් යුද අපරාධයන් ලෙස සැලකෙනුයේ කුමන අවස්ථාවන්හි දී ද?
     
    අපරාධ චේතනාවක් ඇති ව - එනම්,  ඕනෑකමින් හෝ සාහසික ව - ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ බරපතළ උල්ලංඝනයන් සිදු කරන පුද්ගලයන් යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුත්තේය. යුද අපරාධයන්ට වැරදි මාලාවක් ම ඇතුළත් වන අතර, සිවිල් වැසියන්ට හානි සිදු කරමින් හිතාමතා, වගවිභාගයකින් තොර ව හා ප‍්‍රමාණානුකූල නොවන ආකාරයෙන් ප‍්‍රහාර එල්ල කිරීම, මිනිස් පලිහවල් යොදා ගැනීම සහ වධ දීම්, බලාත්කාරී අතුරුදන් කිරීම් හා නොවිධිමත් ලෙස මරණ දඬුවම් පැමිණවීම් සිදු කිරීම ඒ අතර ඇත. යුද අපරාධයක් සිදු කිරීමට උත්සාහ දැරීම සහ යුද අපරාධයකට සහාය දීම, පහසුකම් සැපයීම හෝ ආධාර කිරීම හා අනුබල දීම සම්බන්ධයෙන් ද පුද්ගලයන් විසින් අපරාධ වගකීම දැරිය යුත්තේය.
     
    යුද අපරාධයක් සිදු කිරීමට සැලසුම් කරන හෝ පොලඹවන පුද්ගලයන් මත ද වගකීම පැටවේ. යුද අපරාධ සිදු කරන බව දන්නා හෝ දැන සිටිය යුතු හා ඒවා වැළැක්වීම හෝ වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීම සඳහා ප‍්‍රමාණවත් පියවරයන් නොගන්නා ලද අවස්ථාවන්හි දී අණ දීම පිළිබඳ වගකීමක් ලෙස අණ දෙන නිලධාරීන්ට හා සිවිල් නායකයන්ට එරෙහි ව ද යුද අපරාධ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත හැකිය.
     
    යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් පරීක්ෂා කිරීමට ඇති බැඳීම ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් සපුරනු ලබනුයේ ද?
     
    බොහෝ අවස්ථාවන්හි දී, තම පුරවැසියන් බරපතළ යුද නීති උල්ලංඝනයන්ට සම්බන්ධ බව ඇඟවෙන රාජ්‍යයන්ට මෙම අපරාධයන් පිළිබඳ ව පරීක්ෂා කොට ඒවාට එරෙහි ව නීතිමය පියවරයන් ගැනීම සඳහා කැමැත්තක් හෝ හැකියාවක් නොමැත. හියුමන් රයිට්ස් වොච් විසින් අවස්ථා ගණනාවක දී, උදාහරණයක් වශයෙන් සෝමාලියාව තුළ ඉතියෝපියානු හමුදාවන්, ඉරාකය හා ඇෆ්ඝනිස්ථානය තුළ එක්සත් ජනපද හමුදාවන්, ගාසා තීරය තුළ ඊස්රායල් හමුදාවන් හා චෙච්නියාව තුළ රුසියානු හමුදාවන් සම්බන්ධයෙන්, මෙම අසමර්ථතාව පිළිබඳ ව වාර්තා කරනු ලැබ ඇත.
     
    ගැටුම අවසන් වීමෙන් පසු වර්ෂය තුළ දී, යුද නීති උල්ලංඝනයන් පිළිබඳ ව කවර හෝ අර්ථවත් පරීක්ෂණයක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අසමර්ථ වී ඇත. එය අවස්ථනුකූල ව පරීක්ෂණයන් දෙකක් පනවා ඇති නමුත්, ඒ දෙක ම විධිමත් පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කරන බලතලයන්ගෙන් තොරය.
     
    යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනා සිය ගණනක් විස්තර කරමින් ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබුණු වාර්තාවකට ප‍්‍රතිචාර වශයෙන්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව එම වාර්තාව තුළ ඇතුළත් වන චෝදනාවන් පරීක්ෂා කිරීම සඳහා ප‍්‍රවීණයන්ගේ කමිටුවක් පිහිටුවූයේය. එම කමිටුව විසින් නියමිත කාලසීමාවන් දෙකක් මග හරිනු ලැබ ඇති අතර, තමන්ට පරීක්ෂණ බලතල කිසිවක් නොමැති බව 2010 වර්ෂයේ අපේ‍්‍රල් මාසයේ දී කමිටුවේ සභාපතිවරයා විසින් පිළිගනු ලැබුණු අතර එය පරීක්ෂණයට බාධාවක් විය. පරීක්ෂණ නොපැවැත්වීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනයන් වැඩි වන විට, 2010 මැයි 17 දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවස්ථානුකූල ව පරීක්ෂණයක් නියම කරනු ලැබුණු අතර, එය ගැටුම අවසන් වීමෙන් පසු ව නියම කරනු ලැබුණු දෙවන පරීක්ෂණය වූයේය. සාමාජිකයන් අට දෙනෙකුගෙන් යුක්ත වූ එම පරීක්ෂණ කොමිසම උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (එල්එල්ආර්සී* ලෙස හඳුන්වනු ලැබුණි. 2002 සටන් විරාමය අසාර්ථක වීම හා එතැන් සිට ඇති වූ සිදුවීම් මාලාව පරීක්ෂා කිරීම ඊට පැවරුණු නමුත්, යුද නීති උල්ලංඝනයන් පිළිබඳ චෝදනාවන් පරීක්ෂා කිරීම සඳහා කොමිසමට බලතල නොමැත.
     
    එල්එල්ආර්සීය වෙත පැවරුණු බලතලයන්හි පෙර ශ‍්‍රී ලංකා කොමිසම්වල (පහත දැක්වෙන විස්තර බලන්න* කටයුතුවලට බාධාවක් වූ අඩුපාඩුකම් ද පැවති අතර, තම සීමිත බලතල ක‍්‍රියාත්මක කිරීමට කොමිසමට නොහැකි වීමට එය හේතු විය. උදාහරණයක් වශයෙන්, ගොදුරු වූ අය හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ විධිමත් වැඩ සටහනක් නොතිබුණු අතර, ආණ්ඩු#

More News »