අජටාකාශ නීතිය

2016-04-27 12:54:00       601


අජටාකාශ නීතිය යනු බාහිර අභ්‍යාවකාශය තුළ සිදුකරන ක්‍රියාකාරකම් පාලනය කරන ජාතික සහ ජාත්‍යන්තර නීතියෙන් ආවරණය වන නීතිය යි. බාහිර අභ්‍යාවකාශය යන්නෙහි නිශ්චිත අර්ථ දැක්වීම පිළිබඳ ව ජාත්‍යන්තර නීතීඥයින් එකඟතාවයකට පැමිණ නොමැති අතර සාමාන්‍යයෙන් වස්තුවක් පෘථිවිය වටා භ්‍රමණය වන අවම උස මට්ටම වන මුහුදු මට්ටම ට කිලෝ මීටර් 100 කට පමණ ඉහළින් (සැතපුම් 62 කට පමණ) බාහිර අභ්‍යාවකාශය ආරම්භ වන බව බොහෝ නීතිඥයන්ගේ පිළිගැනීම යි.

අජටාකාශ නීතියේ ආරම්භය සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය විසින් 1957 ඔක්තෝබර් මාසයේ දී ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව (ස්පුට්නික් නමැති යානය) අභ්‍යවකාශගත කිරීමත් සමඟ ඇතිවිය. එතැන් පටන් මානව වර්ගයා විසින් අභ්‍යාවකාශ සම්පත් භාවිතය වැඩිවීමත් සමඟම අජටාකාශ නීතිය ක්‍රමයෙන් පරිණාමය වන්නට විය.

පටුන

    1 මුල් අවධියේ වර්ධනය
    2 ජාත්‍යන්තර ගිවිසුම්
    3 ඒකමතිකභාවය
    4 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ගිවිසුම - 1998
    5 ජාතික අභ්‍යාවකාශ නීතිය
    6 ස්ථාවර භූ කක්ෂීය විභජනය
    7 අභ්‍යාවකාශ නීතිය - නීතියේ අනාගතය
    8 සටහන්

මුල් අවධියේ වර්ධනය

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ ආරම්භය 1957 දී සිදු විය. රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්වී පාර්ශවීය සාකච්ඡා වල ප්‍රතිඵලය වූයේ 1958 දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී විවාදයකට ඉදිරිපත් වීමට සිදු වීමයි. 1959 දී එක්සත් ජාතීන් විසින් බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව පිහිටුවන ලදී. මෙම කමිටුව විසින් විද්‍යා සහ තාක්ෂණික උප කමිටුව සහ නීති උප කමිටුව නමින් උප කමිටු දෙකක් පිහිටුවන ලදී. මෙම නීති උප කමිටුව බාහිර අභ්‍යාවකාශය සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුම් සාකච්ඡා සහ ගිවිස ගැනීම් සඳහා පවතින ප්‍රාථමික විනිශ්චය ශාලාව වේ.
ජාත්‍යන්තර ගිවිසුම්

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව විසින් ජාත්‍යන්තර ගිවිසුම් 05 ක් කතිකා කර කෙටුම්පත් කරන ලදී.

    බාහිර අභ්‍යාවකාශය ගවේෂණය සහ භාවිතා කිරීමේ කටයුතු පාලනය කරන ප්‍රතිපත්ති ගිවිසුම (1967) චන්ද්‍රයා සහ වෙනත් වස්තුන් ඇතුළත් ව (බාහිර අභ්‍යාවකාශ ගිවිසුම)
    බාහිර අභ්‍යාවකාශයට යවන ලද අජටාකාශගාමීන් බේරා ගැනීම, අජටාකාශගාමීන් නැවත පැමිණීම සහ යානාවන් නැවත ගෙන්වා ගැනීම සඳහා වූ එකඟතාව 1968 (බේරා ගැනීමේ ගිවිසුම)
    අභ්‍යාවකාශ යානා මඟින් සිදුවන හානි සඳහා ජාත්‍යන්තර වගකීම් සම්මුතිය 1972 (වගකීම් සම්මුතිය)
    බාහිර අභ්‍යාවකාශය ට යවන යානා ලියා පදිංචි කිරීමේ සම්මුතිය 1975 (ලියා පදිංචි කිරීමේ සම්මුතිය)
    චන්ද්‍රයා සහ වෙනත් වස්තුන් පිළිබඳ රාජ්‍ය ක්‍රියාකාරකම් පාලනය කිරීමේ එකඟතාව 1979 (චන්ද්‍ර ගිවිසුම)

බාහිර අභ්‍යාවකාශ ගිවිසුම වඩාත් පුළුල් වූ ද ස්ථීර වූ ද ගිවිසු ම වන අතර පාර්ශවකරුවන් 98 ක් ඊට අත්සන් තබා ඇත. අනෙකුත් ගිවිසුම් බාහිර අභ්‍යාවකාශ ගිවිසුම විස්තාරීය කරනු ලැබූ ඒවා වේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ පහැදිලි අදහස වූයේ චන්ද්‍ර ගිවිසුම වඩාත් විස්තරාත්මක එමෙන් ම බාහිර අභ්‍යාවකාශ ගිවිසුම අවලංගු කරන හෝ එම ගිවිසුමට ඌණ පූරණයක් සපයන, සම්පත් අනුයෝජනය සහ භෞමික සෛවරීත්වය ට වාරණ පනවන එහි ප්‍රතිපාදන විස්තාරීය කරනු ලැබූ ගිවිසුමක් බවය. මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පාර්ශවයන් 12 දෙනෙකු පමණක් වන අතර බොහෝමයක් දෙනා එය අසාර්ථක ගිවිසුමක් ලෙස සලකනු ලබයි. ඊට අමතර ව න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම මඟින් 1963 දී බාහිර අභ්‍යාවකාශයේ න්‍යෂ්ටික අවි භාවිතයෙන් පරීක්ෂණ සිදු කිරීම තහනම් කරන ලදී.
ඒකමතිකභාවය

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව ක්‍රියාත්මක වනනේ ඒකමතිකභාවය මත වේ. එනම් සෑම කමිටු සහ උප කමිටු නියෝජිතයෙක් ම එය ගිවිසුම්ගත කිරීමට පෙර එහි ප්‍රතිපාදනවලට එකඟවීම අනිවාර්යය වෙයි. එම කමිටුවලට සියලූම සාමාජිකයිනගේ අනුමැතියෙන් තොරව එහි න්‍යාය පත්‍රයට නව කරුණු එකතු කිරීම සිදු කළ නොහැක. එක්සත් ජාතීන්ගේ අභ්‍යාවකාශ හා සම්බන්ධ ගිවිසුම් වල ලක්ෂණ වන්නේ ඒවායේ අර්ථ දැක්වීම් විරලවිමත් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් නොපැහැදිලි වීමත්ය . එසේ වීමෙන් ගිවිසුමේ භාෂිතය සහ කොන්දේසි නොපැහැදිලි වන තරමටම ඊට ඒකමතිකත්වය ලබා ගැනීම පහසුය. මෑත කාලීනව බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුවේ නීති උප කමිටුවට නව විස්තරාත්මක අභ්‍යවකාශ ගිවිසුමක් ඇති කර ගැනීමට හා ඒකමතිකත්වය ලබාගැනීමට නොහැකි විය. අනාගතයේ දී බාහිර අභ්‍යාවකාශ ගිවිසුම සංශෝධනය කිරීම සඳහා එකඟ කර ගැනීම ට අපොහොසත් වන තත්ත්වයක් දක්නට ලැබේ. අභ්‍යාවකාශ තරණයේ නියුතු රටවල් නව විස්තරාත්මක අභ්‍යවකාශ ගිවිසුමක් ඇති කර ගැනීම ට සාකච්ඡා කිරීමත් බාහිර අභ්‍යාවකාශ ගිවිසුම සංශෝධනය කිරීමත් නිරර්ථක ක්‍රියාවක් බව දැනගත්හ. ඊට හේතුව සම්පත් අයිති කර ගැනීම, දේපළ අයිතිය සහ වෙළඳ කටයුතු සම්බන්ධ ක්‍රියාකාරකම් වැනි කරුණු සම්බන්ධයෙන් එකඟත්වයකට පෑමිණීම යථාර්ථයක් නොවන බවට විශ්වාස කිරීමයි.


ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ගිවිසුම - 1998

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ගිවිසුම් වලට අමතරව කැනඩාව, යුරොපා අභ්‍යාවකාශ ආයතනයේ සාමජික රටවල්, ජපානය, රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සහභාගිතවයෙන් 1998 දී ජාත්‍යන්තර සිවිල් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා සාකච්ඡා කරන ලදී(අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ගිවිසුම). මෙම ගිවිසුමේ අන්තර්ගත ප්‍රතිපාදන අතර නාසා ආයතනය සියලූම සාමාජික රටවල්වල දායකත්වය අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාකාරකම් සහ සම්බන්ධීකරණය කිරීමේ ප්‍රමුඛ ආයතනය වෙයි. එමෙන්ම තම තමන්ගේ කටයුතු පාලනය සම්බන්ධයෙන් සෑම රටකට ම බලයක් ඇත. මෙම ගිවිසුමේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සහ අපරාධ නඩු පැවරීමේ ක්‍රියා පටිපාටීන් ද අන්තර්ගත වේ. මෙම ගිවිසුම පෘථිවියෙන් බාහිරව ජනපද සහ විද්‍යාත්මක/කාර්මික මධ්‍යස්ථාන පිහිටුවිය හැකි යැයි බලාපොරොත්තු විය හැකි චන්ද්‍රයා සහ අඟහරු ග්‍රහයා මත ජාත්‍යන්තර සම්බන්ධීකරණ පහසුකම් සම්බන්ධ අනාගත ගිවිසුම් සඳහා හොඳ ආකෘතියක් විය හැකිය.


ජාතික අභ්‍යාවකාශ නීතිය

අජටාකාශ නීතිය ට ජාතික නීතිය ද ඇතුළත් වන අතර රටවල් ගණනාවක් මෑත කාලයේ දී ජාතික අභ්‍යාවකාශ නීති සම්මත කර ඇත. බාහිර අභ්‍යාවකාශ ගිවිසුමේ පාර්ශවයන් ජාතික අභ්‍යාවකාශ කටයුතු වලට අවසර ලබාදීම සහ අධීක්ෂණය කිරීම (වෙළඳ සහ රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් ද ඇතුළත්ව) අවශ්‍ය වේ. බාහිර අභ්‍යාවකාශ ගිවිසුම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය මඟින් නීති ගත කරනු ලබන අතර එම පාර්ශවයන් තම ක්‍රියාකාරකම් අන්තර් ජාතික නීතියට අනුව ක්‍රියාකරන බවට සහතික විය යුතුය. චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණයෙන් ඔබ්බට ගිය අභ්‍යාවකාශ වෙළඳ කටයුතු වල නිරත වීම සහ අභ්‍යාවකාශ වෙළඳ මධ්‍යස්ථාන සංවර්ධනය වැනි පුද්ගලික අභ්‍යාවකාශ කටයුතු හැසිරවීම සම්බන්ධයෙන් රටවල් ගණනාවක් අවධානය යොමු කොට ඇත. මෙම කටයුතු හැසිරවිම ජාත්‍යන්තර නීතියට අනුකූල විය යුතු අතර අභියෝගය වන්නේ මෙම කටයුතු පාලනය කිරීමේදී ආයෝජන ක්‍රියාවලීන් අවහිර නොවන අයුරින් කටයුතු කිරීමය. සංවර්ධනය වෙමින් පවතින රටවල් අභ්‍යාවකාශය ජය ගන්නා රටවල් අභ්‍යාවකාශ සම්පත් සඳහා ඒකාධිකාරයක් ගොඩ නඟා ගැනීම ගැන අවධානයෙන් සිටී.


ස්ථාවර භූ කක්ෂීය විභජනය

කිලෝ මිටර් 35,800 ඉහළ අභ්‍යාවකාශයේ ස්ථාවර කක්ෂයක පවතින සියලූම චන්ද්‍රිකා නිරක්ෂයට ඉහළින් තනි වලල්ලක ආකාරයෙන් පැවතිය යුතුය. චන්ද්‍රිකා සඳහා මෙලෙස ඉඩ කඩ වෙන් කිරීමේ අවශ්‍යතාවය වන්නේ පවතින ඉඩ කඩ සීමා සහිත වීමත් සීමිත චන්ද්‍රිකා ගණනක් පමණක් භූස්ථාවර කක්ෂයක ස්ථාන ගත කළ හැකි වීමත් ය. මේ තත්ත්වය මෙම විවරයන් ට ඇතුළු වීමට බලාපොරොත්තු වන රටවල් අතර ගැටුම්කාරී තත්ත්වයන් ඇති වීමට මුල පුරයි (සම දේශාංශවල නමුත් වෙනස් අක්ෂාංශ වල පිහිටි රටවල්). මෙම ගැටුම් අයි.ටී.යූ. විභාජන ක්‍රමය මඟින් විසඳනු ලැබේ. නිරක්ෂයේ පිහිටි රටවල් තම ප්‍රදේශයට ඉහළ අභ්‍යාවකාශයේ පාලනය සඳහා නෛතික අයිතිය වෙනුවෙන් හඬ නඟන බව පෙනෙන්නට තිබේ.
අභ්‍යාවකාශ නීතිය - නීතියේ අනාගතය
American Society of International Law Space Interest Group 2014 Board meeting

තවමත් ළදරු අවධියේ පවතින මේ ක්ෂේත්‍රය ඉතා ශීඝ්‍ර වෙනසකට සහ වර්ධනයකට ලක්වෙන යුගයක පවතී. අභ්‍යාවකාශයේ පවතින සම්පත් සීමාවක් නොමැති අතර එය සීමා කළ හැක්කේ ඒවා භාවිත කිරීමට අපට ඇති හැකියාවත් එය සියලූ ම ජාතීන්ට සමාන වන පරිදි බෙදා හදා ගැනීමත් මතය. වෙළඳ අවකාශ ප්‍රවාහනය පුළුල් ලෙස ඉතා අඩු මිලකට දියත් කිරීමේ හැකියාව පවතී නම් සියලූම රටවල් හට අභ්‍යාවකාශයේ පවතින සම්පත්වල සෘජු ප්‍රතිලාභ ලැබීමේ අවස්ථාව උදාවේ. මේ අවස්ථාවේ දී බාහිර අවකාශයේ වෙළඳ සංවර්ධනය සහ මිනිසුන් පදිංචි කිරීමේ කටයුතු සඳහා එකඟත්වයකට පැමිණීම ඉතා පහසු කටයුත්තක් වේ.

උපප්‍රවර්ග

මෙම ප්‍රවර්ගය සතු උපප්‍රවර්ග 11 ක් අතර, පහත දැක්වෙන උපප්‍රවර්ග 11 වේ.


    ► අජටාකාශ නීතිය‎ (1 පී)
    ► අපරාධ නීතිය‎ (5 පී)



    ► උසාවි‎ (1 පී)



    ► ගිවිසුම් නීතිය‎ (6 පී)

    
ග ඉතිරිය.

    ► ගුවන් තරණ නීතිය‎ (1 පී)



    ► දේපල නීතිය‎ (හිස්)



    ► නඩු තීන්දු‎ (3 පී)
    ► නීතිය - ශ්‍රී ලංකා‎ (1 සී, 7 පී)

    
න ඉතිරිය.

    ► නෛතික ආචාරධර්ම‎ (1 පී)



    ► පොදු නීතිය‎ (1 පී)



    ► සෞඛ්‍යය සබැඳි නීතිය‎ (1 පී)

"නීතිය" ප්‍රවර්ගයට අයත් පිටු

මෙම ප්‍රවර්ගය සතු සමස්ත පිටු 79 අතර, පහත දැක්වෙන පිටු 79 ද වෙති.


    අජටාකාශ නීතිය
    අත්අඩංගුවට ගැනීම
    අද්මිරාල්ති නීතිය
    අධිකරණය
    අපරාධ
    අපරාධ නීතියේ ඉතිහාසය



    ආගමික නීතිය
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය
    ආසියාවේ නීති පද්ධති



    ඇප මත නිදහස් කිරීම



    උසාවිය



    එඩ්ගාර් ඩෙගාස්
    එප්පාවල පොස්පේට් නඩුව
    එල්ලුම් ගහ



    ඕෂනියාවේ නීතිය



    කම්කරු නීති විමසුම
    කාර්ලයිල් එදිරිව කාර්බොලික් දුම් බෝල සමාගම



    ගිවිසුම් ඉදිරිපත් කිරීම සහ පිළි ගැනීම
    ගිවිසුම් නීතිය
    ගුවන් තරණ නීතිය



    ජයසිංහ එදිරිව කිරිබින්දු සහ තවත් අය
    ජාත්‍යන්තර නීතිය



    දේපල නීතිය



    නීති අතර ගැටුම
    නීතිඥයා
    නීතිය
    නීතිය - අපරාධ නීතිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින් අජටාකාශ නීතිය යනු බාහිර අභ්‍යාවකාශය තුළ සිදුකරන ක්‍රියාකාරකම් පාලනය කරන ජාතික සහ ජාත්‍යන්තර නීතියෙන් ආවරණය වන නීතිය යි. බාහිර අභ්‍යාවකාශය යන්නෙහි නිශ්චිත අර්ථ දැක්වීම පිළිබඳ ව ජාත්‍යන්තර නීතීඥයින් එකඟතාවයකට පැමිණ නොමැති අතර සාමාන්‍යයෙන් වස්තුවක් පෘථිවිය වටා භ්‍රමණය වන අවම උස මට්ටම වන මුහුදු මට්ටම ට කිලෝ මීටර් 100 කට පමණ ඉහළින් (සැතපුම් 62 කට පමණ) බාහිර අභ්‍යාවකාශය ආරම්භ වන බව බොහෝ නීතිඥයන්ගේ පිළිගැනීම යි.

අජටාකාශ නීතියේ ආරම්භය සෝවියට් සමාජවාදී සමුහාණ්ඩු සංගමය විසින් 1957 ඔක්තෝබර් මාසයේ දී ලොව ප්‍රථම කෘතිම චන්ද්‍රිකාව (ස්පුට්නික් නමැති යානය) අභ්‍යවකාශගත කිරීමත් සමඟ ඇතිවිය. එතැන් පටන් මානව වර්ගයා විසින් අභ්‍යාවකාශ සම්පත් භාවිතය වැඩිවීමත් සමඟම අජටාකාශ නීතිය ක්‍රමයෙන් පරිණාමය වන්නට විය.

පටුන

    1 මුල් අවධියේ වර්ධනය
    2 ජාත්‍යන්තර ගිවිසුම්
    3 ඒකමතිකභාවය
    4 ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ගිවිසුම - 1998
    5 ජාතික අභ්‍යාවකාශ නීතිය
    6 ස්ථාවර භූ කක්ෂීය විභජනය
    7 අභ්‍යාවකාශ නීතිය - නීතියේ අනාගතය
    8 සටහන්

මුල් අවධියේ වර්ධනය

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ ආරම්භය 1957 දී සිදු විය. රුසියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්වී පාර්ශවීය සාකච්ඡා වල ප්‍රතිඵලය වූයේ 1958 දී එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ දී විවාදයකට ඉදිරිපත් වීමට සිදු වීමයි. 1959 දී එක්සත් ජාතීන් විසින් බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව පිහිටුවන ලදී. මෙම කමිටුව විසින් විද්‍යා සහ තාක්ෂණික උප කමිටුව සහ නීති උප කමිටුව නමින් උප කමිටු දෙකක් පිහිටුවන ලදී. මෙම නීති උප කමිටුව බාහිර අභ්‍යාවකාශය සම්බන්ධ ජාත්‍යන්තර ගිවිසුම් සාකච්ඡා සහ ගිවිස ගැනීම් සඳහා පවතින ප්‍රාථමික විනිශ්චය ශාලාව වේ.
ජාත්‍යන්තර ගිවිසුම්

බාහිර අභ්‍යාවකාශය සාමකාමී ව භාවිතා කිරීමේ කමිටුව විසින් ජාත්‍යන්තර ගිවිසුම් 05 ක් කතිකා කර කෙටුම්පත් කරන ලදී.

    බාහිර අභ්‍යාවකාශය ගවේෂණය සහ භාවිතා කිරීමේ කටයුතු පාලනය කරන ප්‍රතිපත්ති ගිවිසුම (1967) චන්ද්‍රයා සහ වෙනත් වස්තුන් ඇතුළත් ව (බාහිර අභ්‍යාවකාශ ගිවිසුම)
    බාහිර අභ්‍යාවකාශයට යවන ලද අජටාකාශගාමීන් බේරා ගැනීම, අජටාකාශගාමීන් නැවත පැමිණීම සහ යානාවන් නැවත ගෙන්වා ගැනීම සඳහා වූ එකඟතාව 1968 (බේරා ගැනීමේ ගිවිසුම)
    අභ්‍යාවකාශ යානා මඟින් සිදුවන හානි සඳහා ජාත්‍යන්තර වගකීම් සම්මුතිය 1972 (වගකීම් සම්මුතිය)
    බාහිර අභ්‍යාවකාශය ට යවන යානා ලියා පදිංචි කිරීමේ සම්මුතිය 1975 (ලියා පදිංචි කිරීමේ සම්මුතිය)
    චන්ද්‍රයා සහ වෙනත් වස්තුන් පිළිබඳ රාජ්‍ය ක්‍රියාකාරකම් පාලනය කිරීමේ එකඟතාව 1979 (චන්ද්‍ර ගිවිසුම)

බාහිර අභ්‍යාවකාශ ගිවිසුම වඩාත් පුළුල් වූ ද ස්ථීර වූ ද ගිවිසු ම වන අතර පාර්ශවකරුවන් 98 ක් ඊට අත්සන් තබා ඇත. අනෙකුත් ගිවිසුම් බාහිර අභ්‍යාවකාශ ගිවිසුම විස්තාරීය කරනු ලැබූ ඒවා වේ. එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ පහැදිලි අදහස වූයේ චන්ද්‍ර ගිවිසුම වඩාත් විස්තරාත්මක එමෙන් ම බාහිර අභ්‍යාවකාශ ගිවිසුම අවලංගු කරන හෝ එම ගිවිසුමට ඌණ පූරණයක් සපයන, සම්පත් අනුයෝජනය සහ භෞමික සෛවරීත්වය ට වාරණ පනවන එහි ප්‍රතිපාදන විස්තාරීය කරනු ලැබූ ගිවිසුමක් බවය. මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ පාර්ශවයන් 12 දෙනෙකු පමණක් වන අතර බොහෝමයක් දෙනා එය අසාර්ථක ගිවිසුමක් ලෙස සලකනු ලබයි. ඊට අමතර ව න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම මඟින්

More News »