ඔබ මිය ගිය විට ඔ‍බගේ තැන්පතු වලට කුමක් වේද

2016-05-02 10:40:00       697


ඔ‍බගේ මුදල්, බැංකු ඉතිරිකිරීමේ ගිණුමක, ස්ථිර තැන්පතුවක ,සමාගමක කොටස් ලබා ගැනීමට හෝ ජීවිත රක්ෂණයක් සඳහා ආයෝජනය කළ අවස්ථා තිබේ.සාමාන්‍යයෙන් බොහේ දෙනෙකු අඩුම තරමින් බැංකුවක ඉතිරිකිරීමේ ගිණුමක් පවත්වා ගෙන යයි.එසේ තැන්පතු පවත්වාගෙන යන අතරතුර ඔබ හදිසියේ මියගියහොත් එකී තැන්පත් මුදල් වලට කුමක් වේද?
ඉහත කී ආකාරයට මුදල් ආයෝජනය කිරීමේදී තැන්පත් කරුට එකී මුදල් අයෝජනය කරන අවස්ථාවේම එසේත් නොමැතිනම් බැංකු ගිණුමක හෝ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී තැන්පතු කරුගෙන් පසු එකී මුදල් හිමිවිය යුතු අය කවුද එනම් පසු අයිතිකරු කව්ද යන්න බැංකුවට හෝ මුල්‍ය ආයතනයට ලිඛිතව දැන්විය හැකිය.ඒ සඳහා වෙන ලේඛණ සකස් කර දිය යුතුවේ.එය ඉතාම පහසු සහ හොඳම ක්‍රමය වශයෙන් සැලකිය හැකිය.නමුත් ලංකාවේ බොහෝ මුල්‍ය ආයතන මේ සම්බධයෙන් තම සේවා දායකයින් දැනුවත් කිරීමක් නොකිරීම හේතුකොට ගෙන එකී සරල ක්‍රම වේදය අනුගනය කිරීම ප්‍රයෝගිකව ජනතාව සිදු කරන්නේ නැත.ඇතැම් අවස්ථාවල තැන්පත් කරුවන් එය දැන සිටියද එසේ නම්කිරීමට බියක් දක්වයි.මන්ද එකී නම්කිරීම පසුව තමන්ට අවශ්‍ය වුවහොත් වෙනස් කළ නොහැකි බවට අස්ථාන බියක් ඇති වීමයි.නමුත් එය එසේ නොවේ.එසේ නම්කල පසු එකී නම්කිරීම තැන්පත් කරුට ඕනෑම අවස්ථාවක කළ හැකි අතර එය ලිඛිතව නිසි ක්‍රම වේදය අනුගමනය කලයුතු වේ.
කිසියම් අවස්ථාවඑකී එවැනි තැන්පතුවක, ජීවිත රක්ෂණයක, සමාගම්වල කොටස්වල පසු අයිත්කරුවෙකු නම්කොට තිබුණහොත් එකී තැන්පතු කරුගේ අන්තිම කැමැති පත්‍රයේ එකී තැන්පත් සම්බන්ධයෙන් කුමක් සඳහන් වුවද අදාල තැන්පතුව සම්බන්ධයෙන් නම්කොට ඇති තැනැත්තා වෙත එකී මුදල් නිදහස් කිරීමට අදාල මුල්‍ය අයතනය නීතිමය වශයෙන් බන්ධනයට ලක්වේ. එකී මුල්‍ය ආයතනය වෙත පැවරෙන වගකීම අවසන් වන්නේ එකී පසු අයිතිකරු මියගියහොත් හෝ එකී මිය යාමට පෙර එකී මුදල් නිදහස්කොට තිබුණහොත් පමණි.
මෙම නීති තත්වය සිවිල් නඩු විධාන සංග්‍රහයේ 544 වගන්තිය යටතේ නීතිගත කොට ඇත.Subash S.K.H Ibulmure vs The Public Trustee නමැති මෑතකාලීන නඩුතීන්දුවක් මගින් විස්තර කොට ඇත.මෙම නඩු නඩුවේදී රුපියල් මිලියන 1.5 ක මුදලක් මුල්‍ය සමාගමක ස්ථිර තැන්පතු සහතික අටක් යටතේ තැන්පත් කොට තිබුණි.එකී තැන්පතු වල පසු අයිතිකරු වශයනේ මෙම නඩුවේ පෙතසම්කරුගේ නම සඳහා කොට තිබු අතර එකී නම්කිරීම වෙන වෙනම ලිපි අටක් යටතේ එකී පසු අයිතිකරුගේ නම ඇතුළත්කොට අදාල මුල්‍ය ආයතනයට තැන්පතු කරු ලබා දී තිබුණි.තැන්පතු ආපසු ලබා ගැනීමට පෙර තැන්පත්කරු මිය ගියා.තැන්පත් කරු මියයාමට පෙර අන්තිම කැමති පත්‍රයක් ලියා තිබු අතර එකී අන්තිම කැමති පත්‍රයේ දේපල අතර පෙර කී තැන්පතු සහතික තුනක් පෙර නම්කොට තිබු අය නොවන වෙනත් අයෙකු නම්කොට තිබුණි.
ඒ අනුව මෙම මෙම තැන්පතු කරුගේ බුදල් නඩුවේදී ඉහත කී තැන්පතු සහතික ප්‍රශ්ණගත විය.එකී බුදල් නඩුවේ පාර්ශවයක් ලෙස තැන්පතු සහතික වල පසු අයිතිකරු නම්කොට නොතිබිණි.තැන්පතුකරු මිය ගිය පසු පසු අයිතිකරු තැන්පතු වල මුදල් සහ පොලිය තමා වෙත මුදාහරින ලෙස අදාල මුල්‍ය ආයතනයෙන් ඉල්ලා සිටියද එකී මුදල් මුදාහැරිම සම්බන්ධයෙන් බුදල් නඩුවේ පාර්ශවයක් වූ මහා භාරකරු විරුද්ධ වීම මත මුල්‍ය සමාගම මුදල් මුදාහැරිම ප්‍රතික්ෂේප කළා.
ඒ අනුව පසු අයිතිකරු බුදල් නඩුවට ඉදිරිපත් වී තම ඉල්ලීම ඉදිරිපත් කළා.දිසා අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය ප්‍රකාශ කළේ වෙනම නඩුවක් මගින් එම ඉල්ලීම කරන ලෙසයි.එකී නියෝගයෙන් අතෘප්තියට පත් තැන්පතු වල පසු අයිතිකරු ගරු අභියාචනාධිකකරණය වෙත ඉල්ලීම කළා.
ගරු ආභියචනාධිකරණය වර්ෂ 2012-0 5 -02 තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එකී අන්තිම කැමති පත්‍රයේ කුමක් සඳහන් වුවද සියලුම මුදල් තැන්පතුවල පසු අයිතිකරු වෙත නිදහස් කරන ලෙස තීන්දුව ලබා දෙමින් දිසා අධිකරණයේ තීන්දුව ඉවත් කරන ලදී.
එසේම මෙම තැන්පතුවල පසු අයිතිකරු නම්කොට ඇති අවස්තාවක පසු අයිතිකරු වෙත මුදල් මුදාහරිමේදී එකී පුද්ගලයාගේ අනන්‍යතාවය ගැන සැහීමකට පත්වීමෙන් පසුව පමණක් එම මුදල් නිදහස් කලයුතු බවට නීතියේ සඳහන් වේ.එමගින් වංචනික කටයුතු මග හැරේ.
එසේම මෙවැනි නම්කිරීමක් කර නොමැති අවස්ථාවක එකී මුදල සුළු මුදලක් නම් එනම් බුදල් නඩුවක් පැවරිය යුතු මුල්‍ය සීමාවට අඩු නම් සියලු අයිතිකරුවන් අත්සන්කොට අදාල මුදල් ලබාගැනීමට හෝ බුදල් නඩුවක් පවරා තැන්පතු ලබාගැනීමට සිදුවේ.

curtesy : lawpage.lk


More News »