ශ්‍රී ලංකාවේ පකෂීන් ආරකෂා කිරීම පිණිස ඇති නීතිමය ප්‍රතිපාදන

2016-06-06 11:37:00       687


මෙරට සිටින හා පිටතින් මෙරටට පැමිණෙන පකෂීන් රට තුළ දී සංරකෂණයට හා ආරකෂාවට වන සත්ත්ව හා වෘකෂලතා ආරකෂා කිරීමේ ආඥා පනත මඟින් සලසා දී ඇති නීති අණ පනත් පිළිබඳ ව කෙරෙන විශ්ලේෂණයකි.

ශී්‍ර ලංකාවේ හමූවන නේවාසික පකෂීන් ගෙන් තුනෙන් එකක් ම මේ වන විට වඳ වී යාමේ තර්ජනයට මූහූණ පා සිටී. 1998 දී ලංකා කුරුලූ සංගමය මඟින් ප්‍රකාශිත වඳ වීමේ තර්ජනයට ලක් වූ පකෂින් පිළිබඳ ලේඛනය මඟින් මෙන්ම, 1999 දී ලෝක සංරකෂණ සංගමය ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලේඛනය ද මෙම කරුණ පෙන්වා දී තිබේ. මෙරට වාසය කළ නේවාසික පකෂියකු වූ කැබලිත්තිියා පසූගිය සියවසේ මූල් භාගයේ දී මෙරටින් තුරන් ව ගොස් තිබේ. ඒ අතර ම වසර 2001 දී මෙතෙක් සොයා ගෙන නොතිබූ නව පකෂියකු (දැන් මෙම පකෂියා පඬූවන් බස්සා ලෙස නම් කර ඇත.) හමූ විය. තව ද, පසූගිය දෙවසර තුළ දී මෙතෙක් සංක්‍රමණිකයන් ලෙසින් පමණක් සැලකූ පකෂීන් දෙදෙනකු මෙරට බෝ වීම සොයා ගත හැකි විය.


මෙම තත්ත්වයන් හමූවේ ශී්‍ර ලංකාවේ පකෂීන් ආරකෂා කිරීම පිණිස ඇති නීතිමය ප්‍රතිපාාදන මොනවා දෑ යි යන්න හා ඒවායින් පකෂීන්ට ප්‍රමාණවත් ආරකෂාවක් ලැබේ ද යන්නත් විමසා බැලීම කාලෝචිත ය. මෙරට වන ජිවීන් ආරකෂා කිරීමට ඇති නීති යල්පැනගිය හා අකර්මන්‍ය බවට නැගෙන චෝදනාවන් ද මේ සමඟ ම විමසූමට ලක් කළ හැකි වේ. එමෙන් ම අනෙකුත් සත්ත්ව කාණ්ඩවලට වඩා පකෂීන් කෙරේ බොහෝ දෙනා ගේ අවධානය ද ලක් ව තිබේ. මේ නිසා දේශිය පකෂීන්ට අමතරව විදේශීය රටවලින් ගෙනැවිත් ඇති කරන විසිතුරු පකෂීන් රාශියක් ද මෙරට හමූ වේ.


ශී්‍ර ලංකාවේ පකෂීන් සඳහා ද ආරකෂාව ලබා දෙන ප්‍රධානත ම නීතිය වන්නේ වන සත්ත්ව හා වෘකෂලතා ආරකෂා කිරීමේ ආඥා පනත ය. පකෂීන්ට අදාළ ප්‍රධාන වගන්තිය වන්නේ, එහි 31 වැනි වගන්තිය ය. ඒ අනූව, එම පනතින් ආරකෂාව ලබන කිසිඳු පකෂියකු මරණයට පත් කිරීම, තුවාල කිරීම, හානි කිරීම, අල්ලා ගැනීම මෙන්ම පකෂියකු හෝ කොටසක් තම භාරයේ හෝ සන්තකයේ තබා ගැනීම, (ඇති කිරීම) පකෂියකු හෝ කොටසක් විකිණිම සහ විකිණීමට තැත් කිරීම වැරදක් වේ. මෙම වැරැදි පකෂීන් ගේ බිත්තර සඳහා මෙන්ම කැදලි සඳහා ද එක සේ ම අදාළ වේ. තව ද ඉහත කී ඕනෑම ක්‍රියාවක් සඳහා යම් මෙවලමක්, උපකරණයක් හෝ ද්‍රව්‍යයක් යොදා ගැනීම ද වරදක් කොට තිබේ. මෙම කොටසට පකෂීන් මැරීමට හෝ අල්ලා ගැනීමට භාවිත කරන ආයූධ හා උගුල් මෙන්ම, පකෂින් රඳවා තබා ගන්නා කුඩූ සහ පකෂීන් හෝ කොටස් ගබඩා කරන ශීතකරණ සහ ප්‍රවාහන කරන වාහන යන ඕනෑම දෙයක් ඇතුළත් විය හැකි ය. මෙම ඕනෑම වරදක් සඳහා රුපියල් 5,000 - 10,000 දක්වා දඩයකින් හෝ වසර 2 - 5 සිර දඬූවමකින් හෝ මෙම දෙකින් ම දඬූවමට යටත් කළ හැකි වේ.


පනතේ 31 වැනි වගන්තිය යටතේ ආරකෂිත පකෂීන් කවූරුන් දෑ යි නිර්ණය කර ගත යූත්තේ ෂෂ උප ලේඛනය ආධාරයෙනි. මෙම වගන්තියට අනූව, ආරකෂාව ලබන්නේ මෙම උප ලේඛනයේ නම් සඳහන් පකෂීන් හැර අනිකුත් පකෂීන් ය. එනම්, ලේඛනයේ නමින් දක්වා ඇත්තේ ආරකෂිත නොවන විශේෂ වන අතර, ඒ හැර අන් සියලූ ම දේශීය පකෂීහූ ආරකෂාව ලබති. මෙවැනි ලේඛන බැහැර ලේඛන ලෙස හැඳින්වේ. එවැනි ආකාරයේ ලේඛනයන් නීතිය ක්‍රියාත්මක කරන්නට බලවත් උපකාරයකි. එයට හේතුව වන්නේ, ඔවූන් මතක තබා ගත යූත්තේ, අනාරකෂිත විශේෂ කිහිපයක් පමණක් වීම ය. මොවූන් ද බොහෝ විට කවූරුත් පාහේ හඳුනන සූලබ විශේෂයන් වේ.


මෙම දෙවන උප ලේඛනයේ නමින් සඳහන් අනාරකෂිත පකෂින් වන්නේ, කළු කපූටා කොළඹ කපූටා, රෑන ගිරවාගේ කුරුල්ලා පූල්ලි වී කුරුල්ලා (ීචදකඑැා ඵමබස්-ල කළු වී කුරුල්ලා හෙවත් පිට සූදු වි කුරුල්ලා සහ පන් වඩූ කුරුල්ලා හෙවත් ඉරි වඩූ කුරුල්ලා ය. මේ අතුරින් පන් වඩූ කුරුල්ලා සීමිත ව්‍යාප්තියක් ඇති තරමක් විරල පකෂියෙකි. එම පකෂියා අනාරකෂිත ලේඛනයට ඇතුළත් වූයේ මන් දෑ යි තේරුම් ගත නොහැකි ය. අනිකුත් පකෂීන් සියල්ල ම වාගේ මෙරට ඉතා සූලබ පකෂීන් වේ. ගේ කුරුල්ලා ද මේ වන විට සෑහෙන පමණින් අඩූ වී තිබේ. එහෙත් සාමාන්‍යයෙන් ගේ කුරුල්ලාට මිනිසූන් විසින් හානි නොකරන බැවින් එතරම් ප්‍රශ්නයක් පැන නොනගී.


පකෂීන්ට ලැබෙන මෙම ආරකෂාව දෙස බලන විට, මෙරට ආවේණික හා නේවාසික පකෂීන් සියල්ල ම මෙන්ම, මෙරටට පැමිණෙන සියලූ ම සංක්‍රමණිකයන් ද ආරකෂාව ලබන බව පැහැදිලි වේ. මේ හැර මෙරටට අහඹූ සංචාරකයන් ලෙස වාර්තා ගත පකෂියකු මෙන්ම, මෙරටින් මෙතෙක් වාර්තාගත නොවූ පකෂියකු මෙසේ අහඹූ සංචාරකයකු ලෙස පැමිණි විට ද නිතැනින් ම ආරකෂාව ලබයි. සංක්‍රමණික සතුන්ට ආරකෂාව සලසන, සංක්‍රමණික විශේෂ පිළිබඳ ප්‍රඥප්තිය හෙවත් බොන් ප්‍රඥප්තිය යටතේ සංක්‍රමණික සතුන්ට ලබා දීමට ශී්‍ර ලංකාව බැදී තිබෙන මටිටමට ද වඩා පූළුල් හා සාර්ථක ආරකෂාවක් ලබා දීමට මෙමඟින් හැකි ව තිබේ.


පඬූවන් බස්සා ගේ සොයා ගැනිම සමඟ, එම පකෂියාට ද නිතැතින් නීතියේ රැකවරණය ලැබී තිබීම ද විශේෂයෙන් වැදගත් කරුණකි. මෙම පකෂියා සොයා ගත් වහා ම හඳුනා ගැනීමේ ලකෂණ සහිත විස්තරයක් පළ වූව ද තව ම එම විශේෂයට විද්‍යාත්මක නමක් ලැබී නැත. එහෙත්, මෙම ප්‍රමාදය නීතිය ක්‍රියාත්මක කිරීමේ දී බාධාවක් හෝ අඩූපාඩූවක් නොවේ. මන් ද යත් දෑනට ප්‍රකාශිත විස්තර මඟින් එම පකෂියා ආරකෂිත නොවන විශේෂයක් නොවන බව ද, එයට අමතර ව යම් විදේශීය රටකින් මනූෂ්‍යයා විසින් ගෙන එන ලද්දක් නොවන බව ද තහවූරු කළ හැකි වීම ය. මේ නිසා, පඬූවන් බස්සාට මෙන් ම අලූතින් යම් පකෂියකු මෙරටින් හමූ වූවහොත්, එම පකෂියාට පවා විස්තරයක් පළ කළ පසූව නීතිමය රැකවරණය ගෙන දීමට පූළුවන. මෙම තත්ත්වය ජිවියකු ගේ පැවැත්මට ඉතා වැදගත් වේ. නැතිනම්, අලූත් පකෂියකු සොයා විස්තරයක් පළ කළ අවස්ථාවේ සිට නීතියෙන් වෙන ම රැකවරණය දෙන තුරු පකෂියා විශාලත ම අවදානමකට මූහූණ දෙන අවධිය වන්නට ඉඩ තිබේ.


පනතින් ආරකෂාව නොලබන තවත් කාණ්ඩ දෙකක පකෂීන් මෙරට හමූ වේ. එක කොටසක් වන්නේ, ගෘහාශ්‍රිතව ඇති කරන කුකුළන් ය. අනෙක් කොටස වන්නේ, විදේශීය රටවලින් මිනිසා විසින් මෙරටට ගෙන එන ලද පකෂීන් ය. මේ අතරට ආහාර පිණිස ගෙන ආ ගිනි කුකුළන්, කළුකුන්, පාත්තයන් හා තාරාවන් මෙන්ම, විසිතුරු පකෂීන් ලෙස ගෙන එන ලද ගිරවූන් හා ධාන්‍ය භකෂකයන් වැන්නන් ද අඩංගු වේ. එහෙත්, මේ විදේශීය පකෂීන් ආනයනය කරන්නන් විසින් පනතේ 37 වැනි වගන්තියට අනූව වනජීවී සංරකෂණ දෙපාර්තමේන්තුවෙන් නිසි අවසරයක් ලබා ගත යූතු ය.


ආරකෂාව නොලබන දේශිය පකෂීන් පවා මෙම පනත යටතේ යම් කිසි තරමක ආරකෂාවක් ලැබීම විශේෂයකි. එනම්, ආරකෂිත නොවන පකෂියකු කෙනකුට ළඟ තබා ගත හැකි මූත් එසේ කිරීම සඳහා වන සත්ත්ව හා වෘකෂලතා ආරකෂා කිරීමේ ආඥා පනතේ 49අ වගන්තිය යටතේ වනජිවී සංරකෂණ දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් ලබා ගත යූතු ය. මෙම වගන්තිය යටතේ ආරකෂිත පකෂීන් ඇති කරීමට බලපත්‍ර ලබා නොදේ. මෙම වගන්තිය පකෂීන් ගේ ද සහ මනූෂ්‍යයන් ගේ ද සූබසිද්ධිය මත පනවන ලද්දකි. ඇතැම් පකෂීන් ඇති කරන්නන් ඔවූන් නිසි සනීපාරකෂක තත්ත්වයන් නොතබා ගැනීම නිසා විවිධ රෝග වැළදී එම පකෂීන් ඉතා දුකට පත් වීම හෝ මිය යාම සිදු වේ. මේ හැර පකෂීන්ට වැළඳෙන ගිරා උණ වැනි රෝග මනූෂ්‍යයන්ට ද වැළදීමට ඉඩ ඇත.


මෙම බලපත්‍ර ක්‍රමය යටතේ අධ්‍යකෂවරයාට ඇති කරන පකෂින් අධීකෂණය කළ හැකි ය. මෙහි දී වැදගත් තවත් කරුණක් නම්, නියමිත සංඛ්‍යාව ඉක්මවා පකෂීන් තබා ගැනීම සහ වෙනත් (අවසර නැති) විශේෂවල පකෂීන් ළඟ තබා ගැනම ය. පනතේ 49අ(2) අනූව, සතකු ළඟ තබා ගැනීමට බලපත්‍රයක් ලබා ගත් ඕනෑම අයකු ගේ පරිශ්‍රයක් තුළට ඇතුළු වී සෝදිසි කිරීමේ බලය නිලධාරීන් වෙත පැවරීමට අධ්‍යකෂවරයාට බලතල පැවරී ඇත. මෙවැනි පරීකෂා කිරීමක දී බලපත්‍රයේ කොන්දේසි උල්ලංඝනයක් සිදු වී ඇත්නම්, එම පකෂීන් වහාම තම භාරයට ගැනීමට නිලධාරීන්ට පූළුවන. එසේ වූ විට එම පකෂීන් තබා ගත් අයට දින 14ක කාලයක් තුළ එය සලකා බැලීමේ ඉල්ලූමක් කළ හකි ය. එවැනි ඉල්ලීමක් ඇති නම් එය සලකා බලා එවැනි ඉල්ලීමක් නැති නම් දින 14කට පසූ ව එම පකෂීන් දෙපාර්තමේන්තුව වෙත පවරාගත හැකි ය.


යම් තැනැත්තකු පකෂීන් වෙළෙදාමේ යෙදී සිටීම සඳහා පනතේ 49 වගන්තිය යටතේ අවසරය ලබා ගත යූතු ය. මේ අවසරය ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ, විදේශීය පකෂීන් සඳහා ය. එම අවසරය යටතේ ආරකෂිත නොවන පකෂීන් විකිණීමට ද අවසරය ලබා ගත හැකි වේ. එහෙත් ආරකෂිත පකෂීන් හෝ කොටස් විකිණීමට මෙම අවසරය පිටූවහල් කර ගත නොහැකි ය. මෙය ද කටයූතු විධිමත් කිරීමට පනවන ලද්දකි. විදේශීය පකෂීන් මෙරටට ගෙන්වා ගන්නේ නම්, ඒ සඳහා ආනයන බලපත්‍රයක් අවශ්‍ය වේ. එමෙන් ම, මෙම වෙළෙඳ සලකින් ආරකෂිත නොවන දේශීය පකෂියකු මිලයට ගන්නා අයකු එවැනි පකෂීන් තමන් භාරයේ ඇති කිරීමට වෙන ම ම අවසරයක් ලබා ගත යූතු වේ.


මනූෂ්‍යයා විසින් ඇති කරන දේශීය ආරකෂිත නොවන පකෂීන්ට මෙන් ම විදේශීය හා ගෘහාශ්‍රිත පකෂින්ට ද එක ලෙස බලපාන පනතක් වන්නේ සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත ය ඒ අනූව, නිසි පහසූකම් හා සෞඛ්‍ය සම්පන්න තත්ත්ව යටතේ මිස සතුන් ඇති කිරීම වරදකි. අපිරිසිදු කූුඩූවල මෙන්ම කූඩූවේ ඉඩකඩට සරිලන පමණට වඩා වැඩි පකෂීන් ගණනක් ඇති කරන අය ද මේ පනත යටතේ වරදක් සිදු කරති. පකෂිියකුට නිසි ආහාර හා ජලය නොමැතිව ඇති කිරීම මෙන්ම සතුන්ට හිරිහැර වන තත්ත්වයන් යටතේ තබා ගැනීම ද වරදකි. මෙම වැරැදි බෝහෝ විට සිදු වන්නේ සිතාමතා කරන ක්‍රියා මඟින් නොව නොසැලකිල්ල නිසා ය. එාහත් මෙම පනත අනූව චේතාන්විත ව මෙන්ම නොසැලකිල්ල නිසා වූව සිදු වන මෙවැනි ක්‍රියාවන් සඳහා වරදකාරි බව එක සේ පැවරේ. එයට පාදක වන්නේ යම් සතකු ඇති කරන තැනැත්තකු එම සතාට නිසි ආරකෂාව හා රැකවරණය ලබා දීමේ යූතුකම සහ වගකීම වේ.


වන සත්ත්ව හා වෘකෂලතා ආරකෂා කිරීමේ ආඥා පනත 1993 සංශෝධනය වන තෙක් ම අර්ධ වශයෙන් ආරකෂිත පකෂීන් කොටසක් විය. එනම්, එම පකෂීන් වසරේ එක්තරා කාලයක් තුළ පමණක් දඩයම් කළ හැකි ව තිබූණි. එම කාලය විවෘත සමය ලෙස ද, දඬයම් කළ නොහැකි කාලය සංවෘත සමය ලෙස ද දෑක්වේ. එම අර්ධ ආරකෂාව ලැබී තිබූණේ දඩයමට ලක් වන මහනීල ගොයා. බට ගොයන්, වල් තාරාවූන් හා කැස්වටූවන්, බෝල වටූවන් වැනි පකෂීන් විශේෂ ගණනාවකි. එහෙත්, 1993 අංක 49 සංශෝධනය මෙම ලේඛනය ම ඉවත් කළ බැවින් දෑන් මේ සියල්ලන් ම පූර්ණ නීතිමය රැකවරණයට ලක් වේ.
        
    
    



Wmqgd .ekSu isxy,u.a fj wvh weiqfrks

More News »