Home / නීති උපදෙස් /
ජාතිවාදී උන්මන්තකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි….
2017-09-21 10:54:00  ★ 109
පසුගියදා අලුත්ගම ,දර්ගා නගරය,සහ බේරුවල ආශ්‍රිතව ඇතිවූ සිංහල මුස්ලිම් බිහිසුණු ක්‍රියා වලින් ජීවිත ගණනාවක් බිලිවිය.නොදියුණු ගෝත්‍රික සමාජයන් තුල ඇතිවන මෙවැනි වර්ගවාදී ඝාතන සමාජය පිළිකුලෙන් යුක්තව ප්‍රතික්ෂේප කළ යුතුය. අලුත්ගම නගරයේ සිංහල සහ මුස්ලිම් ජනයා ඊයේ පෙරේදා වන තුරු සාමකාමිව ජීවත්විය.අලුත්ගම නගරය ආශ්‍රිතව ඇති අනෙකුත් ගම්වල ජනයා පවා භාණ්ඩ මිලට ගැනීමට පුරුදුව සිටින්නේ අලුත්ගම සහ ධර්ගා නගරය වලිනි.එයට හේතුව එකී නගරවල පවත්වාගෙන යන මුද්ලිම් ජනයාගේ කඩවල විකිනීමට ඇති භාණ්ඩ වල මිල සහනදායි මිලක් නිසාවෙනි.
නමුත් ඒ සාමකාමී බව මිට සතියකට පමණ පෙර සිංහල පාසැල් දරුවෙකුට අලුත්ගම පිහිටි මුස්ලිම් රෙදි වෙළඳ සැලක්තුල සිදුවූ අතවර සිද්ධියක් හේතුකොට ගෙන පැවති සාමකාමී බව දෙදරා ගියේය.අලුත්ගම පොලීසය එකී සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළද එයට අවනත නොවූ පිරිසක් ඊට පසුදිනම එම කඩය ගිනිතබා විනාශ කළේය. ඒ සිද්ධිය එතකින් අහවර වුයේ නැත.
ඉන්පසු බෞද්ධ භික්ෂුවකට මුස්ලිම් තරුණයන් තිදෙනෙකු එල්ලකළ ප්‍රහාරයක් හේතුවෙන් තත්වය තවත් උග්‍ර විය.ඒ අරම්භයා ජාතිවාදී අන්තවාදී , බෞද්ධාගමේ බුදුන් වහන්සේ වදාල ශ්‍රී සද්ධර්මයට පටහැනිව ක්‍රියා කරන බොදුබල සේනා සංවිධානය විසින් අලුත්ගම නගරයේ පැවැත්වූ සම්මේලනයෙන් පසු කඩ ගිනිතැබීම් ,දේපල හානි කිරීම් ,පහරදීම මාලාවක් ඇතිවිය.
සිද්ධිය ඇති වූ පසු ආරක්ෂක අංශ එය පාලනය කිරීමට මහත් වෙහෙසක් ගත්තද අවසානයේ විශාල දේපල සහ ජීවිත හානිවලින් එය තාවකාලිකව නටර වී ඇත.මේසා විශාල හානියක් සිදුවුයේ බොදුබල සේනා සන්ධානයේ ජාතිවාදය ආගම්වාදය වපුරන රැස්වීම බවට කිසිදු සැකයක් නැත.
ඔවුනට මෙම රැස්වීමට අවසර දුන්නේ ඇයි?.එය තහනම් කිරීමට ආරක්ෂක අංශය ක්‍රියාත්මක වුනා නම් මෙවැනි හානියක් නොවන්නට ඉඩ නොතිබිණි. නමුත් මේ තත්වය තවදුරත් අවසන් නැත.මිය ගිය සිංහල සහ මුස්ලිම් සහෝදර වරුන් වෙනුවෙන් කණගාටුව පළකරමු.
එජාපයේ ප්රතිසංවිධාන කටයුතු හෙට දිනයේදීත්
2018-04-24 07:54:00බෑනා අතින් පයින් පහර දී 85 හැවිරිදි කාන්තාවක් ඝාතනය කරයි-බෑනත් ගෙළ වැලලාගෙන
2018-04-24 05:26:00රටේම බදු බර ඉහළ ගිහින්
2018-04-24 05:24:00විභාග ප්‍රතිඵල සනාථ කිරීම අද සිට Online ක්‍රමයට
2018-04-24 05:12:00පුපුරණ ද්‍රව්‍ය දමා ඇල්ලූ ලොරි 3ක මාළු 6ක් එක්ක අල්ලයි
2018-04-24 05:11:00යළිත් වරක් මැලේරියා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක්
2018-04-24 04:56:00මැයි රැළි දෙකකට ඉල්ලපු තැන් නොලැබෙයි
2018-04-24 04:39:00මුඛ සංසර්ගය අත්හිටුවයි - ජනපතිගේ අලුත් නියෝගය මෙන්න
2018-04-24 04:14:00කිසිදා නොවූ විරු අයුරින් ඩොලරය යළි ඉහළ යද්දී කිරි පිටි හා ගෑස් මිලට වෙන දේ මෙන්න
2018-04-24 04:11:00කවුරු කොහොම කිව්වත් අලුත් කැබිනට් මණ්ඩලය ගැන ජනපතිගේ මතය මෙන්න
2018-04-24 04:08:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com