මන්ත්‍රි ධුරය අහිමි කළ තීන්දුවට එරෙහිව ගීතාගේ පෙත්සම විභාගය අද

2017-09-25 11:49:00       226


ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධුරය නීත්‍යනුකූල නොවන බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ නඩු තීන්දුව අභියෝග කරමින් ඇය විසින් ගොනු කරන ලද විශේෂ අභියාචනා පෙත්සම අද (25දා) දින පංචපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමට නියමිතව ඇත.

එකී පංචපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් හා බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘෘ, අනිල් ගුණරත්න හා නලින් පෙරේරා යන ශේ්‍රෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන්ගෙන් සමන්විත වේ.

2015 අගෝස්තු 17 වැනි දින පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‍ෂිකාවක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදුණු ගීතා කුමාරසිංහ ඉහළ මනාප ප්‍රමාණයක් ලබා ගිනිමින් දිස්ත්‍රික් මන්ත්‍රිවරියක් වශයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඉන් අනතුරුව ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 05 දෙනකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් එකී පත්වීමට අභියෝග කරන ලද්දේ කුමාරසිංහ මහත්මිය මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී ද්විත්ව පුරවැසිභාවයක් දැරූ හෙයින් ඇයගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශ කරමිනි.
එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය එම වාචකය පිළිගනිමින් ද්විත්ව පුරවැසිභාවයක් (ශ්‍රී ලංකාවේ හා ස්විස්ටර්ලන්තයේ) දරන ලද හෙයින් එකී පත්වීම නීත්‍යනුකූල නොවන බවටත්, එබැවින් එම මන්ත්‍රි ධුරය අහිමි වන බවටත් තීන්දු කළේය.

එකී අභියාචනාධිකරණ නඩු තීන්දුව දීමේදී වග උත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු කෙරෙහි නිසි අවධානයක් යොමු නොකරනු ලැබ ඇතැයි පවසමින් එකී තීන්දුවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය විසින්
ශේ්‍රෂ්ඨාධිකරණය හමුවේ විශේෂ අභියාචනා පෙත්සමක් ගොනු කරනු ලැබීය. එම විශේෂ අභියාචන පෙත්සම විමසුමට ලක්කළ ශේ්‍රෂ්ඨාධිකරණය එය විභාගයට ගැනීමට තීරණය කළ අතර ඒ අනුව එය පංචපුද්ගල විනිශ්චය මණ්ඩලයක් හමුවේ විභාගයට ගැනීමටද නියම කෙළේය.



Wmqgd .ekSu u��u mqj;am; weiqfrks

More News »