කොම්පැනිය වහලා. වන්දි ගන්න බැරිද?

2018-02-28 11:42:00       535


ප‍්‍රශ්නය :
මම පෞද්ගලික ආයතනයක 2006 වසරේ සිට සේවය කලෙමි. 2010 වසරේදී එහි නම වෙනස් කරන ලදී. 2014/04/21 වන දින මා රැකියාවේ යෙදී සිටියදී හදිසි අනතුරකින් අබාධිත වී තාවකාලිකව රැකියාවෙන් ඉවත් වන තෙක් කලින් නමින් ආයතනය මගින් ETF මුදල් බැර කරන ලදී. අනතුරෙන් සිදුවූ ආබාධ සදහා ප‍්‍රතිකාර කරමින් සිටියදී මෙම ආයතනය වසා දමන ලදී. 2006 සිට 2012 දක්වා ETF නොගෙවූ මාස සදහා ආයතනය වැසීම නිසා සේවකයන්ට වූ හානිය සම්භන්ධව වන්දියක් ලබා ගන්නේ කෙසේද?

පිළිතුර :
ඔබගේ සේවායෝජකයා විසින් ආයතනය පවත්වාගෙන යාමෙන් සිදුකර ඇති අක‍්‍රමිකතා සම්භන්ධයෙන් සේකයන් නිසි කාල සීමාව තුලදී පියවර ගෙන නොමැති බව පෙනී යයි.

    ETF නිසි ලෙස බැර කර නොමැති නම් ඒ පිළිබදව කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කර අධිකරණමය කි‍්‍රයාමාර්ගයකට යොමුවීම.
    සේවය කරන අතර තුර සිදුවූ අනතුර සම්භන්ධයෙන් කම්කරු කොමසාරිස් (වන්දි) පැමිණිලි නොකිරීම නැතහොත් අවම වශයෙන් වන්දි ලබාගැනීම සදහා සිවිල් අධිකරණයේ නඩුවක් පැවරීම. අනතුර සිදුවී වසර දෙකක් ඉකුත්වී නැත්නම් වහාම ඒ සම්භන්ධව සිවිල් නඩුවක් පැවරීමට කටයුතු කරන්න.
    සේවකයන් ඉවත් කර ආයතනය වසා දමන අවස්ථාවේ ඒ පිළිබදව කම්කරු කොමසාරිස්වරයාට පැමිණිලි කිරීම. එවැනි අවස්ථාවක කම්කරු කොමසාරිස්වරයා මැදිහත්වී ආයතනයේ සේවයන්ට වන්දි ලබාදීමට අවශ්‍ය නෛතික ක‍්‍රියාමාර්ග වලට යොමුවනු ඇත.

කෙසේ වෙතත් මෙම ආයතනයේ ප‍්‍රධනීන් තව දුරටත් ශී‍්‍ර ලංකාව තුල සිටින්නේ නම් ඒ පිළිබදව ඉහත දැක්වූ උපදෙස් අනුව කටයුතු කල හැකිය.

courtesy : lawpage.lk


More News »