කාටත් හොරා කසාද බැන්දා, ඒත් දැන් වෙන්වෙන්න ඕනෑ

2018-03-19 11:43:00       337


ප‍්‍රශ්නය:
මාපියන්ට නොදන්වා විවාහය ලියාපදිංචි කල යුතු බවත් එසේ නොමැතිනම් මාපියන් ඔහුව වෙනත් තැනැත්තියකට විවාහ කර දීමට සැරසෙන බවත් මගේ පෙම්වතා කීවේය. ඔහු මා වෙත ඉතා ආදරේ කල තැනැත්තෙකු බැවින් ඔහු මා හට නැති වේ යැයි බියෙන් මීට වසර දෙකකට පෙර නිවෙස් වලට හොරෙන් අප අපගේ විවාහය ලියාපදිංචි කලෙමු. විවාහය ලියාපදිංචියෙන් අප අතර පැවතියේ අත්සනකට පමණක් සීමාවූ විවාහයකි. මා ඔහුට කිසිදු ලිංගික කි‍්‍රයාවකට ඉඩ නොදුන් බැවින් දැන් ටික කලෙක පටන් ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස්ව ඇත. මා හට අවශ්‍යව ඇත්තේ කිසිවෙකුටත් නොදන්වා මොහුගෙන් වෙන්වී මාගේ අනාගතය හොදින් හැඩගස්වා ගැනීමටය. මේ පිළිබදව මා හට ලබා ගත හැකි නීතිමය සහන කවරේද?

 

පිළිතුර:
අත්සනට පමණක් සීමාවූ විවාහයක් උවද විවාහය ලියාපදිංචි වී ඇති බැවින් දිසා අධිකරණයේ නඩුවක් පවරා දික්කසාදයකින් විවාහය අවසන් කල යුතුවේ. මෙහිදී විවාහය පරිපූර්ණත්වයට පත්නොවීම යන කරුණ මත ද්වේශ සහගත ලෙස අතහැරයාම යන වරද මත දික්කසාද නඩුවක් පවරා දික්කසාද තීන්දුව ලබාගත යුතුවේ. පැමිණිලිකාර පාර්ශවය අධිකරණයේ දික්කසාද නඩුවක් ගොණුකල පසු අනෙක් පාර්ශවයට අධිකරණයේ නියමිත දිනට පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන අතර එසේ සිතාසි එම පාර්ශවය භාර ගෙන ඇති බවට අධිකරණය සෑහීමට පත් උවහොත් පමණක් නඩුව ඉදිරියට කරගෙන යනු ලැබේ. මෙහිදී ඔබ පවසන පරිදි කාටත් හොර රහසේ නඩුවක් පවත්වාගෙන යා නොහැක. කෙසේ වෙතත් ඔබ කල් ගත වී හෝ අනාගතය ගැන තීරණයක් ගෙන ඇති බැවින් විවාහ ලියාපදිංචිය හා වර්තමාන තත්ත්වය පිළිබදව මාපියන් දැනුවත් කර දික්කසාද නඩුවක් ගොණුකිරීමට කටයුතු කරන්න.



More News »