උසාවි යන්න පෙර

2018-03-29 11:16:00       550


අද වැඩිපුර උසාවි යන්නේ තම පවුලේ එකිනෙකා අතර ඇති වන මතභේද සහ ගැටුම් මුල්කරගෙනය.මෙයට බොහෝ අවස්ථාවල දී පාරම්පරාවෙන් උරුම නිශ්චල හා චංචල දේපොළ බලපානු ඇත.
එත් ළමයි උස් මහත් වු කළ දේපොළ නිවැරිදිව බෙදා වෙන්කර දෙන්නෙ නම් මේ ගැටුම් උත්ගතවන්නේ නැත.ඇතැම් විට අද ජිවිත වලින් පවා වන්දි ගෙවිමට සිදුවි තිබෙන්නේ මාපියන් නිසි කළට දායදය පවරා නොදිමයි. එවන් දෙයක් මතුවට ඔබේ පවුල තුල නොවෙන්නට නමි ඉඩකඩම්වල අයිතින් නිරවුල් කර දීම ඉතාමත් වැදගත් පියවරකි.

මාපියන් විසින් තම දරුවන්ට දේපළ බෙදා දිමේ වයස් සිමාවක් තිබේද ?
නැත.මෙසේ කිසියම් කාළ සිමාවක් වෙන්කර නැත.එහෙත් මවිපියන්ගේ වගකිම වෙන්නේ තමන් සතු නිශ්චල චංචල දේපළ දරුවන්ට බෙදා දිමයි.

දරුවන් වෙත දේපළ පැවරිමේ ක්‍රමයන් මොනවා ද?

ඉන් පළමු ක්‍රමය වන්නේ තෑගි ඔප්පුව මඟින් තම අභිමතය අනුව දරුවන්ට දේපළ පැවරිමයි.කොන්දෙසි සහිතව හෝ කොන්දෙසි රහිතව. එකී පැවරිම කළ හැකියි.නිශ්චල දේපළ පැවරිමේ දෙවනි ක්‍රමය වෙන්නේ අන්තිම කැමති පත්‍රයයි.
දේපළ නොපරවා මවිපියන් මියගියේ නම් ඒවා පවරාගත හැකි වෙන්නේ කෙසේද ?
පෙර සඳහන් අවස්ථා දෙකටම අනුව දේපළ නොපරවා මාපියන් මියගියේ නම් එකි නිශ්චල දේපොළ වෙනුවෙන් නිසිබලය ඇති දිසා අධීකරණයේ බුදල් නඩුවක් පැවරිය යුතුය.එහිදි දරුවන් කිපදෙනෙකු වේ නම් බෙදුම් නඩුවක් පැවරිය යුතුය.
හිමිකරු මියගිය අවස්ථාවකදී නොබෙදු දේපොළ බෙදන්නේ කුමන අකාරයටද ?
මේ වන විට ශ්‍රි ලංකාවේ දිසා අධිකරණයේ පවතින නඩු අතරින් වැඩි කොටසක් සීමා වි ඇත්තේ මියගිය මවිපියන්ගේ දේපළ සමිබන්ධයෙන් දරුවන් අතර පවතින ඉඩම් නඩු සහ බෙදුම් නඩු වලටය.යම් තැනැත්තෙකු මියගිය අවස්ථාවකදී එකී තැනැත්තා විවාහ වි දරුවන් සහිතව සිටි අයෙක් නමි එම දේපළ වලින් අඩක් නිත්‍යානුකුල භාර්යාවට ද ඉතිරිය දරුවන්ට හිමි වේ.

දරුවන් නොමැති නම් භාර්යාවටත් මාපියන්ටත් හිමි වේ.
නීති මඟට යාමට පෙර දේපළ සමිබන්ධව කටයුතු කළහැකි වඩාත් සුදුසුම පියවර කුමක්ද?
නිශ්චල දේපොළ සහිත මවිපියන් විසින් සිය ජිවිත කාළය තුළ එකී දේපොළ මිනින්දෝරුවරයෙකු මඟින් බෙදා වෙන්කර දරුවන් වෙත කොන්දෙසි සහිතව තෑගි ඔප්පුවක් මඟින් පැවරිම කළ හැක.මෙහිදි තවත් පියවරක් වන්නේ තම දුව හෝ පුතා විවාහ විමට පෙර දයාද පවරා දිමයි.

curtesy : Asian mirror



More News »