කුලී නිවස යළි ඉල්ලීමට ගිය විට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ලකර අමානුෂික ලෙස පහරදුන් නඩුවේ සාක්‍ෂි විභාගය

2018-05-17 11:50:00       256


සිය සහෝදරිය විසින් කුලී පදනම මත ලබාදුන් නිවස කුලී ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව ආපසු භාර ගැනීමට ගිය නාවික හමුදා නිලධාරියකුට හා ඔහුගේ ඥති සොහොයුරකුට ඇසිඩ් ප්‍රහාරයක්‌ එල්ල කර අමානුෂික ලෙස පොලුවලින් හා පොරොවකින් පහර දීමේ චෝදනාව යටතේ පුද්ගලයන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්‍ෂි විභාගය ලබන 22 වැනිදා දක්‌වා කල් තැබීමට කෑගල්ල මහෙස්‌ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.
 
 බස්‌නායක මුදියන්සේලාගේ නයනජිත් වර්ණකුල ශ්‍රීලාල් හා මුණසිංහ ආරච්චිලාගේ රංජිත් නිලන්ත බණ්‌ඩාර යන දෙදෙනා එලෙස ප්‍රහාරයට ලක්‌ වී බරපතළ තුවාල ලබා තිබිණි. 
 
 රතුදුරගේ හැරිසන් කුමාර හෙවත් රත්න දිවාකරගේ හැරිසන් කුමාර, ඉසංක ලක්‌ෂාන් කුමාර හා විජිත මල්ලිකා කුමාරි යන තිදෙනාට එරෙහිව කෑගල්ල පොලිසිය එම නඩුව පවරා තිබිණි.


උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි

More News »